IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් බාරයට ගත් යතුරු පැදිය පොලිස් කොස්තාපල් විකුණලා

(ඉන්දිකා රාමනායක)

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිස් භූමියේ නවතා තිබු ස්කූටි වර්ගයේ යතුරු පැදියක් රුපියල් 10,000 ක මුදලකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත අලෙවි කර තිබු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.

සැකකාර කොස්තාපල්වරයා වැඩතහනම් කර ඇති බවද පොලිසිය කියයි.

මිරිහාන මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් ඉකුත් 08 දින රථවාහන වරදක් සම්බන්ධයෙන් මෙම යතුරු පැදිය පොලිසිය බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නඩු භාණ්ඩයක් වශයෙන් එය පොලිස් භූමියේ රඳවා සිට ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ හිතවතකුට රුපියල් 10,000 ට ක මුදලට මෙම යතුරු පැදිය ලබා දී ඇති බවත්, සැකකරු ලොරි රථයක් රැගෙනවත් කොස්තාපල්වරයාගේ සහයෙන් යතුරු පැදිය රැගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරු ඉහත යතුරු පැදිය උපයෝගි කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන වෙත තොරතුරු ලැබී තිබු බවත්, ඔවුන් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පෙරේදා (14) මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක් සමග අත්අඩංගුවට ගෙන ඉහත යතුරු පැදිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ඉහත තොරතුරු හෙළිකරගෙන ඇත.

පොලිස් භූමියේ රැඳවා තිබු එම යතුරු පැදියද නිවසක සඟවා තිබියදී පොලිසිය  සොයා ගත්තේය.

මිරිහාන මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

පොලිස් බාරයට ගත් යතුරු පැදිය පොලිස් කොස්තාපල් විකුණලා

dama Monday, 17 October 2022 08:22 AM

මිරිහාන පොලිසිය සත 5කට වැඩක් නැහැ විජෙරාම පැත්තේ කුඩු විමානයක් අල්ලන්නෙ නැහැ.

:       0       69

sharm warn Monday, 17 October 2022 08:50 AM

අර කොච්චරවත් කියන පොලිස් ආඥා පනතේ පොලිස් කාරයින්ගේ හොරකම් වලට කරන්න දෙයක් කියලා නැද්ද එතකොට..?

:       0       59

දිමුත් Monday, 17 October 2022 11:46 AM

කොහොමද වැඩේ? පොලීසියේ වැරදි සොයන්න තවත් ආයතනයක් පිහිටුවන්න ඕනෙ.

:       0       67

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site