(සුජිත් හේවාජුලිගේ )
ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් පොලිස් අශ්වයන්ට රට කෑම ලබාදීම වෙනුවට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පවසයි.
අශ්වයන්ට දේශීය ආහාර වර්ග ලබාදීමට කළ පරීක්ෂණ ඉතා සාර්ථකවී ඇතැයි එම කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ අතර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ලැබී ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.
පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ දැනට සිටින්නේ අශ්වයන් 36 දෙනෙකු පමණක් හෙයින් පොලිසියේ රාජකාරි කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවන බව එහි නිලධාරීහු පෙන්වා දෙති.
පොලිසියේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා අශ්වයකු රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමකින් යුක්තය.
පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ අශ්වයන් කිහිප දෙනකු වයස්ගත සහ අසනීප තත්වයේ පසුවන අතර වයස්ගත අශ්වයෙක් පසුගිය මාසයේදී මියගියේය.
මේ අතර අශ්වයන් සඳහා රටින් ආහාර ගෙන්වීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් අශ්වයන්ටත් ගමේ කෑම
Ruhunu Saturday, 11 February 2023 11:45 AM
අඩු මුදලට පුත්තලමෙන් ගත්තොත් නරකද?
සෝමපාල Saturday, 11 February 2023 12:19 PM
පුත්තලමේ ඔවුන් දැන් නෑ. ඔවුන් දැන් දියවන්නාව පැත්තේ ඉන්නේ... අශ්වයින්ට ගමේ කෑම... මිනිස්සුන්ට හිඟාකෑම...
C.K.Lankaputhra Saturday, 11 February 2023 12:39 PM
හැබැයි තණකොළ විතරක් දෙන්න එපා. ඒවා අපට අවශ්‍යයි. පට්ටි ගොන් 225කට කවන්න තියෙනවා.
ganegoda Saturday, 11 February 2023 03:18 PM
මේ වෙනකන් අපිට හිටියේ බත්කන බූරුවන් විතරයි ! දැන් අශ්වයෝත් ලැබෙන්නයි යන්නේ...
ගමේ එකාලා Saturday, 11 February 2023 03:23 PM
අශ්වයෝ ටික මැදමූලනේ පැත්තට ගිහින් දැම්මා නම් හරිනේ? කෑමබීම වලින් අඩුවක් නැතුව වගේ... බලයේ ඉන්නකම් කෙරුවේ හොරාකාපු එකනේ?
කසුන් Saturday, 11 February 2023 03:29 PM
යල්පැනගිය යුරෝපීය බොරු විකාර අත අරින්න අවශ්‍ය නම් මෙන්න අවස්ථාව. අශ්වාරෝහක බලකායක් නඩත්තු කරන්න මේ වගේ දුප්පත් රටකට පිස්සුද? මනා සැලසුම් එක්ක හොඳ ආලෝක සංඥා පද්ධතියක් තියේ නම් එච්චරයි. අශ්වයින් ඕනෑ නෑ. අශ්වාරෝහකයින් ඕනෑත් නෑ. ඔවුන් ඉන්න ගෙවල්, ගෙනියන විශේෂිත වාහන ඔය මොකුත් ඕන නෑනේ. කොච්චර සල්ලි ඉතුරු වෙයිද?
sugathSaturday, 11 February 2023 05:28 PM
එහෙම බෑ. අපි ණයට හරි වෙන අය කරන දේවල් කරන ජාතියක් නේ.
හීන්බණ්ඩා Sunday, 12 February 2023 01:44 AM
එහෙම කොහොමද? අපි ඇවිල්ලා කැඳ බීවත් කෙලින් ජාතියක් හරිද?
සෙනෙවිරත්න Sunday, 12 February 2023 07:09 AM
කඩල, කොල්ලු දෙශීය වුනේ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ...?