(ඉන්දිකා රාමනායක)
පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට පොලිස් කොස්තාපල් නිළය දක්වා නිළයන් වෙනුවෙන් සිදුකරනු ලබන පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය කිරීම්, සේවයෙන් පහ කිරීම ආදි කටුයතු සිදු කිරීමේ බලය පොලිස්පතිවරයාට පවරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජාතික පොලිස් කොමිසම් සභාව විසින් බලය පවරා ඇති බව ජාතික පොලිස් කොමිසම් පවසයි.
පොලිස්පතිවරයා ට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිට සහකාර පොලිස් අධිකාරිවරුන් වෙතද මෙම බලය පවරා ඇති බවද පොලිස් කොමිසම් ආරංචි මාර්ග පවසයි.
මෙම සියලු පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය කිරීම්, සේවයෙන් පහ කිරීම ආදි කටුයතු සිදුවන්නේ ජාතික පොලිස් කොමිසමේ නීති රීති වලට අනුකුළව බවත්, කිසිවකුට යම් අසාදාරණයක් වී ඇති නම් ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයා හා අනිකුත් උසස් නිලධාරීන්ට මෙම බලය පැවරුව ද ඔවුන් සෑම අවස්ථාවකදීම තීරණ ගත යුත්තෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 උ, වන ව්‍යවස්තාවට අනුව බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ගේ කටයුතු පහසු කිරීම, ඉක්මනින් තීන්දු තීරණ ගැනීම ආදි කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මෙම බලය ලබා දීම සිදුකර ඇති බවද කොමිසම් ආරංචි මාර්ග වැඩිදුරටත පවසයි.
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ වැඩ පොලිස්පතිට පවරා ගැසට්ටුවක්
පොඩ්ඩා Thursday, 27 July 2023 09:35 PM
අපි නම් හිතන් හිටියේ පොලීසියේ වැඩ බල්ලට ගිහින් කියලා
Small man Friday, 28 July 2023 08:19 AM
පොාලිස් කොමිසමක් තියෙන්නෙ ලබ්බටද?