(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ කැලණිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලාගොස් ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණි.
එම අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන් එම නිවෙසේ සිට ඇති අතර එහිදී බිරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් රහස් පොලිසිය අනතුරුව රණවීර මහතාගේ රියැදුරුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පැවැසේ.
රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට අදාලව කැලණිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු, ව්‍යාපාරිකයකු සහ නීතීඥයකු ඇතුළු 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බවද උසස් නිලධාරියා කීය.
මේවන විට රහස් පොලිසිය සිදුකළ විමර්ශනවලට අනුව ප්‍රසන්න රණවීර මහතා සිය ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත කර ඇති බවද ඔවුහු කියති.
2010 වර්ෂයේ මෙම අපරාධය සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, කැලණිය ප්‍රදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු ඇතුළු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කර තිබුණි.
රජයේ ඉඩමක් හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වසර කීපයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මූල්‍ය හා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොලිසිය යද්දී හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න පලායයි
බකල ජයා Saturday, 08 March 2025 12:06 AM
අතේ මිරිස් කුඩු තිබිලා නෑ. තිබුණා නම් දුවන්නෑ.
පොඩිඑකා Saturday, 08 March 2025 02:45 AM
අපේ යෝගාගෙන් ඇහුවනං ඉන්න තැන කියයි. මෙයාලා එයාගේ ජාතික වීරයෝ.
Nandalal DE SILVA - France Saturday, 08 March 2025 05:34 AM
අවි ආයුධ පෙන්නන්න යමු කියලා පොලිසිය මනාව එක්කන් යාවි කියලා හිතුණ නිසා බේරෙන්ඩ දන්නේ නැ
ravin Saturday, 08 March 2025 05:55 AM
අනේ මන්දා පළාතේ උදවිය කියන විදියට පොලිසිය එනකොට පැනලා ගිහින් හොදට පුරුදු කෙනක්ලු
නිහාල් Saturday, 08 March 2025 08:20 AM
අපි අත්අඩංගුවට ගන්නවා වගේ පෙන්නන්නමා. ඔයා කොහේ හරි හැංගෙන්න.
නිහාල් Saturday, 08 March 2025 08:21 AM
අපි අත්අඩංගුවට ගන්නවා වගේ පෙන්නන්නම්. ඔයා කොහේ හරි හැංගෙන්න.
Akila Saturday, 08 March 2025 10:17 AM
පොහොට්ටුවේ වැදගත් කියල මනුස්සයෙක් ඇත්තෙම නැහැ වගේ , ජාතියේ අපපචි එක එක මදාවියෝ පොහොට්ටුවෙන් දේශපාලනයට ගෙනල්ල රටේ දේශපාලනය විනාශ කරපු හැටි තමයි මේ
Nihal Saturday, 08 March 2025 10:18 AM
මිරිස් කුඩූ මෝලට යන්නේ
Deshabandu Saturday, 08 March 2025 11:26 AM
පොලීසිය එතුමා ඉන්න තැන ගිහින් හෙව්වා නම් හම්බ වෙයි. නැති තැන්වල ගිහින් බැලුවට හම්බවෙන්නේ නෑ...
ලූට මූස් Saturday, 08 March 2025 11:45 AM
පලා ගියාද නැත්නම් ප්ලේන් එකේ ගියාද කියලා කසිප්පු ජොනියාගෙන් අහන්න. එයාගේ මොලේට අනුව අර කපුටා ගියා වගේ ප්ලේන් එකෙන් ගියානම් පලා ගියා නොවෙයි.
Malika Saturday, 08 March 2025 12:26 PM
මෙයා ඉන්න සහ හිටපු පැතිවල පන්සල් වල බැලුවා නම් හොයා ගන්න පුලුවන් වෙයි. ඒ කාලේ පන්සල් වලින් මෙයාව සහ මෙයාගේ පවුලේ අය ඒ පැත්තේ පන්සල් වල ඉන්න චීවරධාරීන් මෙයාව පිලිගත්තේ පාවඩ දාලා. අනේ අනිච්චං අබුද්දස්ස කාලේ
Rata Perata Saturday, 08 March 2025 01:33 PM
හාමුලා වෙනුවෙන් කහින අපතයෝ ටික අදහස් දාලා නැත්තේ මොකද දන්නේ නෑ
Athula Saturday, 08 March 2025 05:30 PM
මෙයාව ඇතුළට දාන්නම ඕනෑ... කිසිම කෙනෙක්ට වැඩක් ඇති කෙනෙක් නොවේ. එදා රස්තියාදු ගහලා ගහලා යනඑන මං නැතිව හිටියේ.. මර්වින් ළඟට හේත්තු වෙලා. පස්ස හෝදලා යන්තම් පොට පාදගෙන තක්කඩි රාජපක්ෂලගේ වළං හේදුවා. මෙයා හිතුවේ මෙයත් මිනිහෙක් කියලා..