IMG-LOGO

පොලිසියේ දී විදුහල්පතිනියට ලිංගික අවයව පෙන්නූ නගරයේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

වැලිකඩ පොලීසිය තුළදී විදුහල්පතිනියකට සිය කලිසමේ සිපරය ගලවා පෙන්වා ලිංගික අතවරයක් කළැයි කියන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (27) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කරනු ලැබුවේ කොටුබැම්ම, ඇතුල්කෝට්ටේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කෝට්ටේ ගමගේ ඩෙන්සිල් පද්මසිරි නමැත්තාය.

තම පාසල අපකීර්තියකට පත් කරමින් වට්ස්අප් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බවට සදහන් කරමින් විදුහල්පතිනියක් ඉකුත් මාර්තු මස 23 වැනිදා පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවත් පසුව සැකකාර හිටපු නාගරික මන්ත්‍රීවරයා සහ අදාළ පැමිණීලිකාර පාර්ශ්වය පොලීසියට ගෙන්වා සිද්ධිය සමතයකට පත් කළ බවත් වැලිකඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සමතයකට පත් දෙපාර්ශ්වය පොලිසියේ සු`ථ පැමිණීලි අංශයෙන් එළියට ගොස් ආපනශාලාව අසලට ගොස් ඇති අතර, එහිදී සැකකාර මන්ත්‍රීවරයා සිය කලිසමේ සිපරය ගලවා පැමිණීලිකාර විදුහල්පතිනියට පෙන්වා ඇති බවත්, එම සිද්ධිය පැමිණීල්ලේ ගුරුවරුන් සහ දෙමාපියන් විසින් වීඩියෝ ගත කරනු ලැබ ඇති බවත් වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (8)

පොලිසියේ දී විදුහල්පතිනියට ලිංගික අවයව පෙන්නූ නගරයේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ්

Kule Thursday, 27 July 2023 11:13 PM

කැටගොඩ ආයෙත් ඕන කියන්නේ මේවගේ මිනිස්සුද ?

:       0       13

බී අමරසිංහ Friday, 28 July 2023 01:38 AM

මුන්ට ඡන්දෙත් දීලා නේ මිනිස්සු

:       0       11

Kusumsiri Friday, 28 July 2023 07:54 AM

ඔය ප්‍රාදේශීය හා නගර සභා වල සභිකයින් ඇති බහුතරයක්ම මෙන්න මේ වගේ ත්‍රාඩයින් තමයි. ඉතාම සුළු පිරිසක් ඉන්නවා මහත්වරු වගේ වැඩ කරන අය . මුට බලය නැති කාලේ මෙහෙම නම් බලය තිබුණු කාලේ කොහොම රඟපාන්න ඇතිද? හොඳම වැඩේ මේකට.

:       0       16

Perera Friday, 28 July 2023 08:10 AM

පොහොට්ටුවේ තව එක අපතයෙක්

:       0       13

Bunny Preena Friday, 28 July 2023 10:36 AM

ආරේ ගති නෑරේ

:       0       10

Kazi Shajahan Friday, 28 July 2023 11:58 AM

මුන්ව බේරේ වැවෙන් නාවපු එක සාධාරණයි අපේ කොල්ලෝ ටික

:       3       10

ඉෂාර Friday, 28 July 2023 12:16 PM

මේ මන්ත්‍රීතුමා මුත්‍රා කරන කොට මේ විදුහල්පතිතුමිය ඒක දිහා බැලුවේ ඇයි...?

:       4       6

Bunny PreenaFriday, 28 July 2023 02:40 PM

ආපන ශාලාවේ තේරුම කැසිකිලිය කියලා හිතුවද දන්නේ නැහැ. එච්චරටම දැනුවත් අයනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 480 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site