IMG-LOGO

පොලිසියේ දෙදෙනකුට පොලු පහර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ හිසට පොල්ලකින් සහ ගලකින් පහරදී තුවාල සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ

පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා නුවරඑළිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තෙරිපැහැප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රියදුරකු සහ අවුරුදු තිහක් වයසැති ගොවිතැන් කර ජීවිකාව ගෙන යන අයෙකි

තෙරිපැහැ සමෘද්ධි සංවර්ධන බැංකුව අසල දී පොල්ලක් අත ඇතිව සිටි පුද්ගලයකු සහ තවත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ගොස් ඇතැයි පොලිසිය පවසයි

මේ අවස්ථාවේ පොල්ලක් අතැතිව සිටි පුද්ගලයා සැරයන්වරයාගේ නිල ඇදුමෙන් ඇද එම එම පොල්ලෙන්හිසට පහර දී ඇති අතර අනෙකා ගලක් අතේ තබාගෙන එයින් කොස්තාපල්වරයාගේ මුහුණට හා හිසට පහරදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි

තෙරිපැහැ පොලිසියේ පොලිස් කණ්ඩායමක් පැමිණ පසුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත  

 



අදහස් (0)

පොලිසියේ දෙදෙනකුට පොලු පහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site