
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
තිස්සමහාරාම පොලිසියේ කැබ් රථයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් එම කැබ් රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙනි.
ඉකුත් 3වැනි දින තිස්සමහරාම පොලිසියේ සැරයන්වරයෙකු තවත් කොස්තාපල්වරුන් දෙදෙනකු සැකකාර රියදුරු පදවන ලද කැබ් රථයෙන් රාත්‍රී ජංගම සංචාරය සඳහා පොලිස් ස්ථානයෙන් පස්වරු 6 ට පිටත් වී 6.50 ලද පැමිණිල්ලක් අනුව වීරවිල පන්නෙගමුව ප්‍රදේශයට පැමිණ තිබූ බව පොලිසිය කියයි.
7.15 ට පමණ පැමිණිලිකාරිගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු 7.45 ට පමණ කැබ් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එය නොමැති බව සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් සැරයන්වරයාට දැනුම් දී ඇත.
අනතුරුව ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේදී කමිසයක් සහ සරමක් ඇඳගත් පුද්ගලයෙකු කැබ්රථය රැගෙන ලුණුගම්වෙහෙර දෙසට ගිය බවට අනාවරණය කරගෙන ඇති අතර ඉන් අනතුරුව පොලිස් ස්ථායේ නිලධාරී කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂා කිරීමේදී කිරීමේදී කැබ් රථය නවතා තිබූ ස්ථානයේ සිට මීටර් 1200 ක් පමණ දුරින් ඇල්ලේගල මාර්ගයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසියට හමුවී තිබිණි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා කැබ්රථයේ ආරක්ෂාව සම්බන්ධව නොසලකා සොරාගෙන යාමට ආධාර අනුබලදී මේවරදට අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
51
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිසියේ කැබ් රථය සොරාගෙන ගිය සිද්ධියට පීසී අත්අඩංගුවට