(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යතුරු පැදි අනතුරකින් පසු කුපිත වූ පිරිසක් පොලිස් රාජකාරියට බාධ කරමින් පොලු මුගුරුවලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් අණ නොතකා තොඩුවාව වැල්ල මාර්ගයේ ගමන් ගත් බව කියන යතුරු පැදියක් එය පදවාගෙන ගිය පුද්ගලයාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන රැහැන් කණුවක එම අනතුර සිදුව තිබේ.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ අනතුරින් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා මරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදු කළේ යැයි කියන තවත් පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් තොඩුවාව ප්‍රදේශයේ පදිංචි ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නෝ වෙති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පොලිසියට පාට් දැමූ 15ක් කූඩු කරයි
අබිලින් Monday, 24 July 2023 04:30 PM
පොලිසිය දැකල බයවෙලා කනුවෙ හැපුනා කියලා පොලිසියට ගහලද කියලා පැහැදිලි නැහැ ඇත්තට මේ වාර්තාව ඉතාමත් අපැහැදිලියි
pj Tuesday, 25 July 2023 02:33 AM
වාර්තා කරුවකු වශයෙන් මෙම පුවත් ලියන කෙනා ගේ සිංහල ලිවීම අන්තිමයි.