IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලීසියට පාට් දැමූ දේශපාලන සහෝදරයා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරයෙකු ගේ සහෝදරයකු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට  වායු පිස්තෝලයක් එල්ල කර තර්ජනය කර  කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි.

එම සැකකරු සමඟ බලපත්‍රයක් නොමැති විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයකට  සමාන වායු පිස්තෝලයක්ද සන්තකයේ  තිබී පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් දෙවෙනි දින  වත්තල පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු  අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටියදී  අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ  ගමන්ගත් කැබ් රථයක් නැවැත්වීමට සංඥා කර තිබූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ සැකකරු එම නිලධාරීන් අනතුරට ලක් කිරීමට උත්සාහ කර වත්තල කෙරවලපිටිය අල්විස් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවස තුළට කැබ් රථය ඇතුල්කර තිබූ බව පොලිස් විමර්ශන විමර්ශනවලදී අනාවරණය විය.

අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කැබ් රථය පසුපස ත්‍රිරෝද රථයෙන් ලුහුබැඳ ගොස සැකකරුට නිවසින් පිටතට පැමිණෙන ලෙස දැනුම් දීමත් සමගම සැකකරු පිස්තෝලයක ට සමාන වායු  පිස්තෝලයක් එල්ල කර අතේ රඳවාගෙන සිටි පොල්ලකින් කොස්තාපල්වරයා ට පහර දී තිබූ බව පොලිසිය කියයි.

කොස්තාපල්වරයා රෝහල් ගත කර ඇත.

අත්අඩංගුවට ගත් 60 හැවිරිදි සැකකරු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ට සාපරාධි බලහත්කාරය පෑම, පොලිස් නිලධාරියෙකුට පහර පහරදී තුවාල සිදුකිරීමේ වරදට හා බලපත්‍රයක් නොමැතිව පිස්තෝලය කට සමාන වායු පිස්තෝලයක් ළඟ තබාගැනීමේ වරදට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (3)

පොලීසියට පාට් දැමූ දේශපාලන සහෝදරයා අත්අඩංගුවට

ලුම්බිණි Monday, 03 July 2023 03:14 PM

පොහොට්ටුවේ බලය.

:       0       0

නිලමේ Tuesday, 04 July 2023 08:34 AM

වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරයෙකු ගේ සහෝදරයෙක්ලු. ඒ කට්ටියත් මේවගේ හැසිරෙනවද.

:       0       1

Bunny Preena Tuesday, 04 July 2023 10:36 AM

නම සඳහන් කරන්නේ නැත්තේ ඇයි ?බිමල්ගේ යහළුවෙක් වත්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site