IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පොලිස්පති හොයන්න බුද්ධි අංශ යොදවයි

(නිමල කොඩිතුවක්කු)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය  බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී  පැවසීය.

පොලිස්පතිවරයා සොයා පොලීසිය වැටලීම් සිදුකරන බවත් හැකි ඉක්මනින් පොල්ස්පතිවරයා අත්අඩංගුවයට ගනු ඇතැයි ආණ්ඩුව විශ්වාසයෙන් සිටින බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන්  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



අදහස් (14)

පොලිස්පති හොයන්න බුද්ධි අංශ යොදවයි

රම්බොඩ Tuesday, 04 March 2025 04:58 PM

ඇත්තටම එම පොලිස්පති තුමා කළ වරදක් ගැන අපි නොදනිමු. ඔහු බිය නැති එඩිතර නලධාරියෙක් වග පමණක් පුවත්වලන් කියවා ඇත්තෙමු. දැන් දැන් සිදුවන දේවල ගැන එ තරම් පැහදිලි අවබෝධයක් නැත. අධිකලෙස මාලිමා එන්කෙෆලයිටිස් රෝගයෙන් පෙළෙන අසරණයන් ට සතුටු වී අකුසල් ගොඩ ගසා ගැනීමට නම් හැකිය. මට අවශ්‍ය වන්නේ රටට හොඳක් වන අතරම කිසිවෙකුත් කිසිවෙකුගෙන් පළි නොගන්නා පරිසරයකි.

:       53       22

ප්‍රියන්තTuesday, 04 March 2025 05:27 PM

රම්බොඩ මහතා, මෙය දේශපාලන පලිගැනීමක් නොව, දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසු ගරු අධිකරණය විසින් ගත් නීතිමය පියවරක් බව කරුණාකර අවබෝධ කරගන්න. එකම වෙනස මෙම රජය එම නීතිමය පියවරට අවහිර නොකර නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමයි.

:       7       35

කව්ද බෝයි Tuesday, 04 March 2025 06:42 PM

ඇත්තටම එම හිටපු පොලිස්පතිතුමා මීට කලින් අධිකරණයෙන් වරදකරුවකු වීම හේතුකොටගෙන පොලිස්පතිධුරය අහිමි වූවෙක්. දැනුත් අත්අඩංගුවට ගැනීමට හොයන්නේ, මීට වසර කිහිපයකට ඉහත සිදුවීමක් මුල්කරගෙන අධිකරණ වරෙන්තුවක් නිසාවෙනි. මේ කිසිම දෙයක් වත්මන් ආණ්ඩුව මූලික කරගෙන ආරම්භ වූ දේවල් නොවන බව අවබෝධ කරගන්න. වැරැදි වටහාගැනීම් නිසා මාලිමා එන්කෙෆලයිට්ස් රෝගය වැළඳිය හැකියි. මෙම රෝගය වැළඳුන අයෙකුට නිට්ටාවටම සනීප කළ නොහැකිය...!

:       4       21

Oscar Tuesday, 04 March 2025 07:01 PM

පොලිස්පති හොයාගන්න බැරි රටේ, දැන් සොයන අපරාධ සිද්ධකළ කාන්තාව සොයාගනීද?

:       3       21

ප්‍රියන්ත Tuesday, 04 March 2025 07:06 PM

රම්බොඩ, එම වරද ඔබේ ඔය කුහක මොලය නොදැනගත්තාට, අධිකරණය දැනගත්තාම අපිට ඇති...

:       6       19

ගුණරත්න Tuesday, 04 March 2025 07:07 PM

මේවා තමයි ලෝක විහිලු, කවදා අහපු කතාද මේ?

:       4       8

Lalith Tuesday, 04 March 2025 09:37 PM

මහත්තයෝ ඉස්සරවෙලා කෙල්ලව අල්ලගන්න.

:       0       0

Gon Wednesday, 05 March 2025 12:15 AM

ඕකා හොරා වහා අත්අඩංගුවට ගන්න

:       0       0

Perera Wednesday, 05 March 2025 05:13 AM

දේශබන්දු අවංක, එඩිතර පුද්ගලයෙක් නම් බය නැතිව ඇවිල්ලා චෝදනාවකට මුහුණ දීලා නිර්දෝශී බව ඔප්පු කරන්න පුළුවන්නේ. අධිකරණය මගහරිමින් හැංගි හැංගි ඉන්නේ නැතිව.

:       0       0

රටවැසි ඇත්තෙක් Wednesday, 05 March 2025 07:02 AM

අධිකරණයෙන් අවසරයි. අධිකරණය වුනත් කැකිල්ලේ තීන්දු දෙන්නේ නැත්නම් එච්චරයි අපිට ඕනෑ. මතක විදිහට නම් මේ පොලිස් නිලධාරියාව ඔහු පොලිසියේ කියලා දැනගෙන වෙඩි තිබ්බේ නෑ. ඔහු කොළඹින් ආපු කට්ටිය එක්ක ආවේ. ඔවුන් තමන් එහෙම සිවිල් ඇඳුමින් එන බවක් වැලිගම පොලිස් බල ප්‍රදේශයට දන්වා තිබුණේ නෑ. කොළඹින් ආපු කට්ටිය වැලිගම හෝටලයකට වෙඩි තබද්දී ඒ ආරංචිය ලැබිලා ආපු වැලිගම පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසුණු අය සිටි වෑන් එකේ හිටි අයට වෙඩි තිබ්බේ ඔවුන් පොලිසිය බව නොදැන කියලයි ඒ කාලයේ නිව්ස් වලට කිව්වේ. ඉතින් කවුද හරි කවුද වැරැදි කියලා අපි දන්නේ නෑ. නමුත් දේශබන්දු අත්අඩංගුවට ගන්නේ කට්ටි දෙකම ඔහුගේ යටතේ නිසාද නැත්නම් කාගේ පැත්තට ඔහු සිටි නිසාද කියලා අපිට පැහැදිලි නෑ. ගරු අධිකරණය ඔය ටිකත් කියනවා නම් කැමැතියි.

:       1       0

ලූට මූස්Wednesday, 05 March 2025 03:27 PM

මුළු රටම දන්නා හේතුව මේ රට වැසියා දන්නේ නෑ…!

:       0       0

වසන්ත Wednesday, 05 March 2025 07:46 AM

කාගෙ හරි හිටපු ඇමැති කෙනෙකුගේ ගෙදරක ඇති

:       1       6

Toni Wednesday, 05 March 2025 12:30 PM

අන්දරේට කතිරෙ ගහලා කරගත්තු හරියක්...

:       1       1

fairoos Wednesday, 05 March 2025 12:40 PM

රනිල් රාජපක්ෂලාගේ ගෙවල් පරීක්ෂා කරන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 800 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2451 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site