IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


’’පොලිස්පතිවරයකු පත් කරන්න’’

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පති වරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

පොලිස්පති ධුරයේ  ගැටළුව කඩිනමින් විසඳන ලෙසටද  එමගින්  වැඩිදුරටත් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  ඊයේ(29) පෙරවරුවේ රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

පොලිස්පතිවරයාගේ ගැටලුව සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව තවත් කරුණු ගණනාවක්ම එහිදී   සාකච්ඡා කළ බව කොමිෂන්  සභාවේ සභාපති ආර්.එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙයයි.



අදහස් (10)

’’පොලිස්පතිවරයකු පත් කරන්න’’

sirimal Tuesday, 30 July 2024 04:47 PM

විධායකය සහ අධිකරණය අතර සීතල යුද්ධයට ජනාධිපතිවරයා වගකිය යුතුය. නීතිමය ප්‍රතිපාදන නැතිබව පවසමින් කරබාගෙන සිටීම ජනාධිපති වරයකුට තබා සාමාන්‍ය පුරවසියකුටවත් නොගැලපෙයි. තම මතය ජයග්‍රහණය කරවීමට රටක් බිල්ලට නොදී නිහතමානී ශක්තිවන්තයකු ලෙස ක්‍රියා කළ යුතුව ඇත. අවශ්‍ය නීති පනවා ගැටලුව නිරාකරණය කිරීමේ වගකීමෙන් ජනාධිපතිවරයාට මිදිය නොහැක.

:       10       86

නිලන්ත Tuesday, 30 July 2024 04:56 PM

දැන් ඉතින් මැතිවරණ කොමිසමේ අනුමැතිය ඇතිව පොලිස්පති පත්කළාම ඡන්ද පෙත්සම් ඉදිරිපත් කරන්න බැහැ..

:       2       26

Prabath Tuesday, 30 July 2024 04:57 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න. දන්නේ නැතිනම් කට වහගෙන ඉන්න.

:       2       18

රනේ Tuesday, 30 July 2024 05:06 PM

ඔයාටත් දිනන්න ඕනෑ නම් දාන්න. නැත්නම් කමක් නෑ පස්සේ කරගන්න බැරියෑ..

:       0       10

සිල්වා Tuesday, 30 July 2024 05:21 PM

ආර්ථිකය ගොඩ ගත්තා යයි කියන ජනාධිපතිවරයාට පොලිස්පති ගැටළුව විසඳීමට පියවර ගැනීමට නොහැකිවීම පුදුම සහගතයි.

:       6       35

chandima Tuesday, 30 July 2024 05:32 PM

සමහර වෙලාවට රනිල් නීතීඥ විභාගය පාස් කිව්වට පාස් නැතිව ඇති. ඒකයි නීතිය නොදන්නේ...!

:       6       34

ChethanaTuesday, 30 July 2024 08:18 PM

හිටපු ජනාධිපති සිරිසේන රනිල් අගමැති කමෙන් ඉවත්කර මහින්ද අගමැති කළාම රනිල් නීතිය ඉදිරියට ගියේ නීතිය පෙන්වා දෙමින් තමයි... ඉතින් ඔහුගේ තර්ක අධිකරණය පිළිගත්තා...

:       0       10

C.K.Lankaputhra Tuesday, 30 July 2024 05:56 PM

රජ්‍ය සේවයේ යම් යම් රාජකාරි සඳහා අවශ්‍යම පුද්ගලයින් ඇති නමුත් නැතිවම බැරි හෝ අත්‍යාවශ්‍යම පුද්ගලයින් කියා කොටසක් නැත. ජනාධිපති වරයා මේ එක විශමාචාර රැසකට චෝදනා ලැබූ එක පුද්ගලයෙක් මත්තේ නැහෙන්න දඟලන එක අපට නම් කිසිසේත්ම නොතේරේ...

:       2       22

අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 06:13 PM

පොලිස්පති ඇතුව හෝ නැතුව ඡන්දය කරන්න මැතිවරණ කොමිසම සූදානම් වෙන්න. එහෙම නැතුව පොලිස්පති නැතිව බැහැ වගේ නම් පීචන් ගාන්න සූදානම් වෙන්න එපා.

:       1       28

fairoos Tuesday, 30 July 2024 06:15 PM

කවුද කිව්වේ? පොලිස්පති නැතිව ඡන්දෙ තියන්න බැරිද?

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17859 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site