IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස්පතිගේ සේවා දිගුව 9 වැනිදායින් අවසන්

(ඉන්දිකා රාමනායක)

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම සදහා ලබා දී තිබු මාස 3ක සේවා දිගුව  මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිත බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස්පතිවරයා වෙත  මේ දක්වා සේවා දිගු දෙකක් ලබා දී තිබුණි.

ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020  නොවැම්බර් මස  පත් වු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මාර්තු මස 25 වැනි දින විශ්‍රාම යාමට නියමිතව සිටියදී  ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ඒ මහතා වෙත  මුල්වරට මාස 3ක සේවා දිගුවක් ලබා දී තිබුණි.

පළමු සේවා දිගුව අවසන්වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි  මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි  මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.

එම සේවා දිගුවද මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.

පොලිස්පති ධුරය සදහා වෙනත්  නිලධාරියකු පත්කරන්නේ ද, නැතහොත් සී.ඩී වික්‍රමරත්න මහතා වෙත නැවත වරක්  සේවාදිගුවක් ලබා දෙන්නේ ද යන්න මෙතෙත් තීරණයක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා වශයෙන් පත්කරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන  නිලන්ත ජයවර්ධන,  ලලිත් පතිනායන හා  දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ සුදුසුකම් ලබා සිටිති.



අදහස් (4)

පොලිස්පතිගේ සේවා දිගුව 9 වැනිදායින් අවසන්

AJITH Tuesday, 03 October 2023 09:35 PM

අධිකරණ හෝ දූෂණ චෝදනා නොමැති ද්‍රවිඩ හෝ මුස්‌ලිම් ජාතිකයකු පොලිස්පතිවරයා බවට පත්කර ගැනීමට සුදුසු වේ...

:       0       0

Perera Tuesday, 03 October 2023 11:15 PM

තටමලා... අර දේශබන්දු එළියට එයි...

:       0       0

සෙනෙවිරත්න Wednesday, 04 October 2023 10:35 AM

පොලිස් කෝලම ඔන්න ආයිමත්

:       0       4

fairoos Wednesday, 04 October 2023 12:39 PM

ඊළඟට එන්න ඉන්න අයට වඩා මෙතුමා හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site