IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පොල්ලකින් පහරදී දෙදරු මව මරලා

( සිසිර කැලේගම)

දරුවෙකු  සමග ඇතිකර ගත් අමනාපයක් නිසා සිත් තැවුලට පත්ව සිටි අසල්වැසියෙකු එම දරුවාගේ මව අද 28 දා පෙරවරුවේ දි මහ මඟ කරමින් සිටියදී  පොල්ලකින් පහරදී තුවාල සිදු කිරීමෙන් අනතුරුව ඇය රෝහලට රැගෙන යන අතරවාරයේ දි මරණයට පත්ව ඇතැයි පොල්පිතිගම පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පොල්පිතිගම, උල්පත පල්ලේකැලේ ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.  මල්ලිකා වික්‍රමසිංහ ( අවු. 62) නැමැති විවාහක දෙදරු මවක බව පොලීසිය කියයි.

මියගිය තැනැත්තියගේ  අවුරුදු 25 ක් පමණ වයසැති වැඩිමල් පුත්‍රයා උපතේ සිටම  රෝගිතාවයකින් පෙලෙන අයෙකි. ඔහු යාබද නිවසකට ගල් ගසන බවත්, එය නතර කරවන ලෙසට කොතෙක් ඉල්ලීම් කලත් එය නොනවත්වන නිසා අසල්වැසි නිවැසියන් කලක සිට ඔවුන් සමඟ අමනාපයෙන් පසුවන බවට ඒ සම්බන්ව සිදුකල විමර්ශණවල දී අනාවරණය වු බවත් පොලීසිය සදහන් කරයි.

 එම දරුවාගේ මව මෙම  අමනාපයෙන් පසුවෙන අසල්වැසියාගේ නිවස ඉදිරිපිටින් අද  28 පෙරවරු හතට පමණ ඔවුනගේ ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී  අමනාපයෙන් පසුවන මෙම තැනැත්තා නිවසේ සිට පාරට විත්  පොල්ලකින් පහරදීමෙන්  ඇය තුවාල ලබා තිබේ.

පසුව ප්‍රදේශවාසින් ඇයව ඒ මොහොතේදී ම පොල්පිතිගම මූලික රෝහලට ඇතුලත් කර ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අපරාධය සිදු වු ස්ථානය පරික්ෂා කිරීමට මහව මහේස්ත්‍රාත්වරයා අද  (28) සවස් යාමයේ පැමිණිමට නියමිත බැවින් එතෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණි.

පහර දුන් බවට සැකකරන අවුරුදු 59 ක් වයසැති විවාහක සිව්දරු පියෙකු අත් අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධව පොල්පිතිගම අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ක්‍රිශාන්ත බංඩාර ඇතුලු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

 



අදහස් (1)

පොල්ලකින් පහරදී දෙදරු මව මරලා

fairoos Wednesday, 29 September 2021 04:07 PM

මෙහෙමත් මිනිස්සු... පොඩි දේකට ගහමරා ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13198 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site