(රොමේෂ් මධුෂංඛ)
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ආනෙයිකොට්ටෙයි ප්‍රධාන මාර්ගයේ පාලමක කොටසක් ජලයට කඩාගෙන යාම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.
අනෙයිකොට්ටෙයි ප්‍රදේශයට ඊයේ (05) රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග විශාල ජල පහරකට හසුවීම හේතුවෙන් අනෙයිකොට්ටෙයි ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලමේ කොටසක් කඩාගෙන ගොස් තිබුණි.
ඒ සමගම ප්‍රදේශයේ තරුණයින් විසින් පාලම මතින් බරවාහන ඇතුලු වාහනවලට ගමන් කිරීමට නොදී පාලම කැඩී ඇති අනතුර සම්බන්ධයෙන් වාහන රියදුරන් දැනුවත් කිරීමට පියවර ගත්හ.
කෙසේ වෙතත් මේ වන විට පාලම මතින් ගමනාගමනය දැඩි ලෙසින් අඩාල වී ඇති අතර පාලමේ නඩත්තු කටයුතු වලටද වර්ෂාව හේතුවෙන් දැඩි ලෙසින් බාධා එල් වී ඇතත් පාලම යතාතත්වයට පත් කොට ගමනාගමනය නැවත ආරම්බ කිරීමට කඩිනම් පියවර ගන්නා බවටද මාර්ග සංවර්ධන නිලධාරීන් පවසා සිටිති.


2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාලමක කොටසක් කඩා වැටී යාපනයේ මාර්ගයක ගමනාගමනයට බාධා