IMG-LOGO

පිලිපීනයේ රැදී සිටි ලාංකිකයෝ 223 ක් කටුනායකට

( ටී.කේ.ජී.කපිල )

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක්  දින  මැනිලා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන එම විශේෂ ගුවන් යානය    ඊයේ (11) දින රාත්‍රී 10.30 ට පිලිපීනයේ මැනිලා නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .


මෙම ගුවන් මගීන් පිරිස අතර වැඩි පිරිසක් , පිලිපීනයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් පිරිසක් සහ එරට නැව් සමාගම් වල සේවය සදහා ගොස් සිටි නාවිකයන් පිරිසක් සිටින  බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් , ආචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .

 මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක නවාතැන් ගැනීම සදහා පහසුකම් සළසා දී තිබුණි .

එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව යම් ගුවන් මගීන් පිරිසක් කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වුවහොත් , ඔවුන් ළගම ඇති රෝහලට හෝ අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙතත් යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

මේ අතර ජපානයේ නරීටා සිට අද(12) දින අලුයම 3.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් ද එරට රැදී සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 02 කු පැමිණ තිබේ .



අදහස් (1)

පිලිපීනයේ රැදී සිටි ලාංකිකයෝ 223 ක් කටුනායකට

gihan Friday, 12 June 2020 09:09 AM

දැන්නම් හොඳට තේරෙනවා මේවා වෙන්නේ කාගේ වුවමනාවකටද කියලා.. සල්ලි තියෙන ලොකු ලොක්කන්ගේ ළමයි තමයි මේගොල්ලෝ ගේන්නේ.. දුක් විඳින දුප්පත් මිනිස්සු මේ ගොල්ලන් අමතක කරලා දාලා..

:       0       1038

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 618 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site