IMG-LOGO

පාලනය නොවූ කිකිලි බිත්තරය

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

දිවයිනපුරා බොහෝ වෙළඳුන් තවමත් පාලන මිලට වැඩියෙන්  බිත්තර අලෙවි කරන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

රුපියල් 44ක් සහ 46ක් වශයෙන් පාලන මිල ක්‍රියාත්මක වුවද බොහෝ වෙළඳුන් බිත්තරයක් රුපියල් 47 සිට 60 දක්වා වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කන බව පෙන්වාදෙන ඔවුහු මේ දිනවල වෙළඳපොලේ බිත්තර හිගයක් ද පවතින බව කියා සිටිති.

බිත්තර කිලෝ වශයෙන් අලෙවි කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය මගින් දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920ක් හා සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක් ලෙස පාලන මිලක් නියම කර තිබුණ ද ඒ යටතේ ද බිත්තරයක මිල වන්නේ රුපියල් 55 ක් හා 57 ක් වශයෙන් බව ද වාර්තා වේ.

තවමත් බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව කළ විමසීමකදී පාරිභෝගික අධිකාරිය කියා සිටියේ වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බවත් බිත්තර වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමෙන් අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන බවයි.

මේ අතර බිත්තර වලට විශාල ඉල්ලුමක් පවතින බැවින් වෙළඳුන් හිතුමතේ වැඩිමිලට බිත්තර අලෙවි කරණ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

 



අදහස් (0)

පාලනය නොවූ කිකිලි බිත්තරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 541 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site