
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක, සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ 25 හැවිරිදි ගොවියෙකුගේ ලිපිනයට එවා තිබූ අතර, ඔහු මෙම "පුලිය" සහිත ඇසුරුම භාර ගැනීමට සීදුව බන්ධිත ගුදම් සංකීර්ණය වෙත පැමිණ සිටිය දී, ඇසුරුම ගලවා පරීක්ෂා කිරීමෙන් පසු, ඔහු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම "පුලිය" තුළ කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 101 ක් බරැති මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සගවා තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගත් මෙතැම්පටමයින් තොගය සහ ඒවා භාර ගැනීමට පැමිණි තරුණයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලොන්නරු ගොවියාට කෝටි 10ක කුඩු තැපෑලෙන් ඇවිත්
wedage Friday, 17 May 2024 03:51 PM
එක පුලියකින් මේ වගේ දෙයක් කලානම් තව පුලි තුනක් ගෙනාවනම් කොහොම හිටියිද ?
Nandalal DE SILVA - France Saturday, 18 May 2024 04:37 AM
ඔය පාර්සලයේ ලබන්නා හැටියට තිබුණේ මිස්ටර් හිටන් කියලා කෙනෙක්ද? මිස්ටර් හිටන් නිතරම රට යන කෙනෙක් නිසා ඔයවගේ දේවල් එයාගේ නමට එහෙ ගිය වෙලාවක එව්වද කියා කවුද දන්නේ...?