IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුලතිසි දුම්රියේ ගැටී කෙනෙරක මරුට

(නිමල් ජයරත්න)

කොළඹ සිට මඩකලපුව බලා  ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් ඇති බව වැලි කන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද පුල්ලෙයාර්අඩි ප්‍රදේශයේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වැලිකන්ද අඩවි ආරක්ෂක කේ.ඩී ජානක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

සෝමාවතිය රක්ෂිතයේ සිට මාදුරුඔය රක්ෂිතයට වන අලි රංචුවක් මාරු වීමේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වනජීවී නිලධාරීන් සැක කරන අතර මෙම ස්ථානය අලි මාරු වන අලිමංකඩ ලෙසද හඳුන්වනු ලබන බවත් එම ස්ථානයේ දුම්රිය රියදුරන්ගේ දැනගැනීම සඳහා වේගය සීමා කරන ලෙස දැන්වීම් ගසා තිබුණද එය නොසලකා හැර දුම්රිය රියදුරන් දුම්රිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙසේ වන අලි දුම්රියේ ගැටී මිය යෑම නිරන්තරයෙන් සිදුවන බව වනජීවි නිළධාරීන් අවධාරණය කරයි.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතව ඇති අතර දුම්රියේ ගැටුණු වන අලියා එම ස්ථානයේ මියගොස් ඇති අතර දුම්රියේ ගැටී මිය යෑමෙන් පසු එම අලියා ඉවත් කිරීම සඳහා පැය තුනක පමණ මෙහෙයුමක් දියත් කිරීමටද සිදු වූ බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.



අදහස් (4)

පුලතිසි දුම්රියේ ගැටී කෙනෙරක මරුට

Bunny Preena Monday, 11 September 2023 10:17 AM

මනුස්සකම පොඩ්ඩක්වත් ගෑවිලා නැති අවිනීත රියදුරන් පිරිසක්ද මඩකලපුව දුම්රියේ සේවය කරන්නේ?

:       0       6

සමන් - ඕමානයMonday, 11 September 2023 03:02 PM

දුම්රිය බලධාරීන් ට පුළුවන් වේගය නියාමනය (monitor) කරන්න, GPS තාක්ෂනය මගින්. සෑම දුම්රියකම GPS උපකරණයක් සවිකර, එය කොළඹ (හෝ වෙනත් ස්ථානයක) සිට පටිගත වෙන්න සලස්වනවානම්, එය නීති පතා නිරීක්ෂනය කිරීමට හෝ, වැඩි වේගයෙන් යන දුම්රිය පිලිබඳ විස්තර වෙන්කොට ලබාගැනීම ලෙහෙසියෙන් පුළුවන්. මෙය සඳහා විශාල වියදමක් යන්නේ නෑ. (මට මතක ලෙස, පුද්ගලික බස් වල වේගය නියාමනය කිරීමට මෙම පිළිවෙල යොදන බව ප්‍රවෘති වල දැක්කා.) දුම්රිය රියදුරන් විසින් GPS උපකරණය ගලවා දෑමීම හෝ හානි සිදු කිරීම වලකන්න ලෙහෙසියෙන් පිලියමක් කල හැකියි. මේ අනුව, නීති නොතකා වැඩි වේගයෙන් ධාවනය කරන දුම්රිය රියදුරන් හඳුනාගෙන, ඔවුන්ට දඬුවම් දිය හැකියි. නිරපරාදේ වැනසෙන අලි සම්පත රැකගත හැකියි. බලධාරීන්ගේ අවධානය මෙය වෙත යොමු වේවා.

:       1       4

vihangaMonday, 11 September 2023 03:27 PM

පරක්කු නොවී යන්න නම් වේගෙන් යන්න වෙනවා තමයි. කරන්න ඕනෑ දුම්රිය රියැදුරන්ට දඬුවම් කරන එක නෙමෙයි. මාර්ගය දෙපස ආරක්ෂිත වැටවල් ගහන එකයි සත්තුන්ට අපක්ෂපාතීව මාරු වෙන්න පුළුවන් විදියේ වැඩපිළිවලක් හදන එකයි.

:       2       0

සුනෙත් හේමන්ත Monday, 11 September 2023 11:17 AM

සියලු දැන්වීම් කර ඇතිනම් ඇයි දුම්රිය රියදුරන්ට එරෙහිව තීරණ නොගන්නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 307 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site