(කුෂාන් ජයර්ධන)
කොරෝනා ආසාධිතයකු සේවා ලබා ගැනීමට පැමිණ ඇතැයි හෙළි වීමත් සමඟ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 10 දෙනෙකු ඇතුලු 15 දෙනෙකු අද 14 දහවල් වනවිට ස්වයංනිරෝධායනයට යොමුකළ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පවසයි.
ගල්කිරියාගම රණව ප්‍රෙද්ශයේ පදිංචි කරුවකු වන එම ආසාධිත පුද්ගලයා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තථාපන මධ්‍යස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන අයෙකි.
ඔහු ආසාධිතයකු බවට සිදුකරන ලද පීසීආර් පරීක්ෂනවලදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
එම තත්ත්වය අනුව ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් වන මව හා පියා මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
නිවාඩු ලබා පැමිණ සිටි අවස්ථාවේ ඔහු යම් රාජකාරී කටයුත්තක් වෙනුවෙන් පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යලයට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන පලාගල ප්‍රාදේශීය ලේකම්කාරයාලයේ නිලධාරීන් හා නිලධාරිණියන් දස දෙනෙකු ද නිරෝධායනයට යොමු කිරීමට පලාගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබේ.
ඊට අමතරව එම අසාධිතයා සමඟ සබඳතා පැවැත්වූ බව කියන බලලුවැව රණව කූරියගම පුබ්බෝගම උල්පතගම ඇතුලු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ඇතුලු පුද්ගලයින් 15කට වැඩි ප්‍රමාණයක් අද 14 දහවල් වනවිට නිරෝධායනයට යොමු කළ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
තවදුරටත් ඔහුගේ ආශ්‍රිතයන් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් පලාගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමු කරමින් සිටී.
එබැවින් සවස් වනවිට එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය බලධාරීහු පවසති
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 10 ක් ඇතුළු 15 ක් නිරෝධායනයට