IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පෝර සමාගම් දෙක එකක් කර විශ්‍රාම වන්දි ගෙවයි

(අංජුල මහික වීරරත්න)

සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර  සමාගම ඒකාබද්ධ කිරීමට අදාලව ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කළ පසු සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබීමට සේවකයින් 264 දෙනකු මනාපය පළ කර ඇතැයි රජය කියයි.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසායන්හි අතිරික්ත සේවකයන් ස්වේච්ඡා  විශ්‍රාම වැටුප් ප්‍රයෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ නිර්දේශයන්ට යටත්ව  පොහොර සමාගම් ඒකාබද්ධ කිරීමට අදාළව සේවකයින්  සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් යෝජිත අනිවාර්ය විශ්‍රාම වැටුප්  යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල් වලින් රුපියල් මිලියන 844 ක් වැය කිරීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.



අදහස් (8)

පෝර සමාගම් දෙක එකක් කර විශ්‍රාම වන්දි ගෙවයි

අරවින්ද මොනරවිල Tuesday, 28 May 2024 11:32 AM

දෙක එකක් කරලා ඒක යාලුවෙක්ට කුණු කොල්ලයට දීලා ඒකෙන් කීයක් හරි සාක්කුවට දාගන්න එක තමයි රනිල්ගේ රට සංවර්ධන න්‍යාය.

:       11       6

ළමයිTuesday, 28 May 2024 02:19 PM

රනිල්ට සල්ලි සාක්කුවේදාගෙන මැරුණම පෙට්ටියේදාගෙන යන්නද.මොකද පිට රටවල කැම්පස්වල ඉගෙනගන්න ළමයි රනිල්ට නැහැ .

:       2       2

අරවින්ද මොනරවිල Tuesday, 28 May 2024 05:19 PM

රනිල්ට ළමයි නැහැ වගේම තන්හාවේ සීමාවකුත් නැහැ ඒ නිසානේ අවුරුදු හතලිස් හතක් පාර්ලිමේන්තුවේ ඉදලත් අවස්ථා පහක් අගමැති වෙලත් තවත් බලය ඉල්ලන්නේ.අවුරුදූ තිහක් තිස්සේ පක්ෂ නායකත්වය ගිලගෙන ඉන්නේ. ඒක තමයි රටට තියෙන ශාපය.

:       1       1

Chandana Tuesday, 28 May 2024 01:01 PM

මෙතැන කියා තියන දෙයක් වෙනුවට එකක් කියලා මිසක් පුද්ගලික කාරණාවක් නෙමෙයි...ඒ අය රජයට ආයෝජනයක් කියවන්න සිහි බුද්ධියෙන් කියවිය යුතු බව දැනගන්න

:       0       2

wije Tuesday, 28 May 2024 01:05 PM

කීයක් හරි දීලා දියවන්නාවේ කුබ්බෑයම වහලා දාන්න බැරිද මේ ආකාරයට .. රටම ගොඩ එහෙම වුණොත්

:       1       0

Lalla Tuesday, 28 May 2024 03:50 PM

කොමර්ෂල් ආයතනය සිරිමාගේ ජනසතු පිස්සුව තද වූ කාලයේ 1970 ගනන්වල රජයට පවරගත්ත ආයතනයක්. ඕක පෞද්ගලික අංශය යටතේ තිබුණා නම් අදටත් හොඳට තියෙන ආයතනයක්... විනාශකාරී පලිගැනීමේ සිරිමාගේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා තව කොච්චර ආයතන විනාශ කලාද?

:       1       1

Padmabandu Tuesday, 28 May 2024 08:49 PM

මේකේ ඉන්න අය දන්නේ නැහැ... රට බංකොළොත් වුනේ ඇයි කියලා. එකම වැඩේ කරන්න රාජ්‍ය ආයතන දෙකක් හදලා ඒ දෙකට පුළුවන් තරම් මිනිස්සු පටවලා ඒවා පාඩු ලබනකොට ඒ පාඩුව බදු සල්ලිවලින් ගෙවලා බදු සල්ලි මදිවෙනකොට රටේ අනිත් වැඩවලට කෝටි ගණන් ණය වෙලා රටට කෙලවිච්චි බවවත් දන්නේ නැති අපතයින් තමයි කමෙන්ට් දාන්නේ. රාජ්‍ය ව්‍යවසාය පුළුවන් තරම් පුද්ගලික අංශය සමග ඒකා බද්ධ කළොත් ඔය ලබන පාඩුවවත් අඩුවෙයි. නැත්නම් හැමදාම පෝලිම්වල ලගින්න වෙයි...

:       0       3

Samantha RathnayakeThursday, 06 June 2024 03:09 PM

මෙම ආයතන දෙකට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන්නේ නෑ. පොහොර ගේන්නෙත් උපයන මුදලින්. මහා භාණ්ඩාගාරය බිලියන 5-6 අතර මුදලක් මේ ආයතන දෙකට ණයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site