IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර මාරුවීමට ගිය තරුණිය ලොරියේ ගැටී මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම  ගලවිලවත්ත ප්‍රදේශයේ දී හයිලෙවල් මාර්ගය හරහා පාර මාරුවීමට ගිය තරුණියන් දෙදෙනෙකු වෑන් රථයක ගැටී විරුද්ධ මන් තීරුවේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අසලට විසිවී සිදු වූ අනතුරින් තරුණියක් මියගොස් තවත් තරුණියක බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

අනතුර සිදු කළ වෑන් රථය සිද්ධියෙන් පසුව පලාගොස් ඇති අතර රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු කිලෝමීටරයක් පමණ දුරට වෑන් රථය පසුපස හඹාගොස් එහි රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ඇහැලියගොඩ පදිංචි සූරිය ආරච්චිගේ සුජීවා සමන්ති (30) අවිවාහක තරුණියක බව පැවසේ .

මෙම තරුණිය ගලවිල වත්ත ප්‍රදේශයේ මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන අතර රාත්‍රී සේවා මුරයක නිරතව සිටියදී තවත් මිතුරියක සමඟ එදින රාත්‍රී ආහාර මිළදී ගැනීමට සේවා ස්ථානය ඉදිරිපිට පිහිටි ආපන ශාලාවක් වෙත ගොස් තිබේ.

ඒ සදහා හයිලෙවල් මාර්ගය හරහා පාර මාරු වෙමින් සිටියදී මාර්ගයේ ධාවනය වූ වාහනයක් පසුකර යන තෙක් තරුණියන් දෙදෙනා මාර්ගය මැද පිහිටි සුදු ඉරි දෙක මත රැඳී සිටියදී හෝමාගම කර්මාන්ත පුරයේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක ගැටී  තරුණියන් දෙදෙනා විසිවී විරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුරදී  එක් තරුණියක මියගොස් ඇති අතර අනෙක් තරුණිය දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

නේවාසික ප්‍රතිකාර ලබන තරුණියගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

 



අදහස් (6)

පාර මාරුවීමට ගිය තරුණිය ලොරියේ ගැටී මරුට

Nimal Wednesday, 12 July 2023 12:28 PM

පුද්ගලික බස් එළවන අයටත් වඩා භයානක අය තමයි ගාමන්ට් බස් එලවන්නේ...අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසිම වගකීමක් නැහැ.

:       0       17

මැක්ස් Wednesday, 12 July 2023 01:54 PM

පදිකයන් සඳහා වෙන් වූ මං තීරුව පිළිබඳ සියයට 99ක් රියැදුරන්ගේ සැලකිල්ලක් නැහැ. බයිසිකල් කාරයෝ, ත්‍රීවිල් කාරයෝ, ලොකු පොඩි කාර් එලවන හාදයෝ, බස් කාරයෝ කොයි එකත් එකයි. හැබැයි මේ කව්රු කවුරුත් කතා කරන්නේ නම් "සිස්ටම් චේන්ජ්" කරන්න.

:       0       14

sumindaWednesday, 12 July 2023 05:38 PM

මේ ලිපියේ සඳහන් විදියට මේ තරුණියන් දෙදෙනා පාර මාරු වුනේ සුදු ඉරෙන් වුවත් මාර්ගය පැහැදිලි තත්වයක නෙමෙයි පාර පැනලා තියෙන්නේ... පාරේ මැද නතර වී තියෙනවා. ගොඩක් මිනිස්සු කරන වරදක් ඕක... වාහන යන අස්සෙත් පාර පනිනවා. ඉස්සෙල්ලා තමුන්ගේ ජීවිතයට ආදරය කරන්න. ඒ හදිස්සිය තමයි ජීවිතය අහිමි කළේ. මොකද අපි දන්නේ නෑ අපි ඉදිරියට එන වාහනය නතර කරාවිද කියා...? එම නිසා වාහනය නතර කළාට පසුව පාර පැනිම තමයි සුදුසු... මෙහි රියදුරු වැරැදි වෙන්නත් පුළුවන්... එහෙත් ගොඩක් වෙලාවට පදිකයා වැරැදි ගොඩක් කරනවා. ඒවාට දඩ නෑ...

:       1       7

[email protected] Thursday, 13 July 2023 08:24 AM

අවුරුදු 22 ක් මම කොළඹ වාහනයක් පදවනවා මිනිස්සු හරිම අපරික්ශාකාරී විදිහට තමයි පාර් මාරුවෙන්නෙ. පදික මාරු ලයිට් රතු ලයිට් දැල්වෙද්දී ඔවුන් කිසිම ගානක් නැතුව පාර මාරුවෙනවා. රාත්‍රි කාලයෙදිත් ඉතාමත් නොසැලකිලිමත් ලෙස හැමතැනින්ම පාර පනිනවා . කහ ඉර පෙනි පෙනී දරුවන් අතින් අල්ලා ගෙන අම්මලා පාර පනින්නෙ. දකුණු පසින් ගමන් කරන්නේ නැහැ . අනතුරක් සිදු උනාම වාහන ගිනි තියනවා . මෙවැනි දේවල් නැවැත්වීමට පියවරක් ගන්නේ නම් ගොඩාක් වටිනවා .

:       0       0

Bunny Preena Thursday, 13 July 2023 11:44 AM

රිය අනතුරකින් කවුරුන් හො මිය ගියානම් රියදුරු බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කොට ඔහුට/එයට මින්මතුවට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීඑමට නොහැකි වන පරිදි නීතිය සංශෝදනය කල යුතුයි. ණොසැලකිලිමත් රිය දාවනය නිසා අනතුරු අඩු කරගැනීමට මෙම නීතිය මහත් රුකුලක් වනු අත.

:       0       0

Mahaachaarya Thursday, 13 July 2023 11:53 AM

අත උස්සලා කහ, සුදු ඉර උඩින් පදිකයින් මාරුවෙනකොටත් නළාව මහ හඬින් ශබ්ද කරමින්, පහන් පත්තු කරමින් වේගය තවත් වැඩිකරගෙන, වාහනය නොනවත්වා වෙට්ටු දමමින් යන එන මාරක අවිනීත රියදුරන් සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. අඩුම තරමින් මාස 06කටවත් බලපත්‍රය අත්හිටුවා ලොකු දඩ මුදලක් අයකළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site