IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පෝර ණය මිලියන 17000ක් ගෙවන්නැයි ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 17000ක ණය මුදල් වහා ගෙවන්නැයි පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

වසර කිහිපයක සිට පොහොර සමාගම් වලින් රසායනික පොහොර හා කාබනික පොහොර මිල දී ගැනීමට ගන්නා ලද මෙම ණය මුදල් ගෙවීමට තිබෙන බව පොහොර  සමාගම් දැනුම් දී ඇත.

මේ අනුව රසායනික පොහොර ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 11,000ක් සහ කාබනික පොහොර සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 6000ක් අදාල සමාගම්වලට ගෙවීමට සිදු ව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.

පසුගිය වසරේ දී හිඟ මුදල් රුපියල් මිලියන 4000ක් ගෙවා ඇතත්, තවත් රුපියල් මිලියන 17,000ක් ගෙවීමට ඇතැයි අදාල පොහොර සමාගම් නියෝජිතයෝ පොහොර සමාගම් වලට දැනුම් දුන්හ.

යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දීම සම්බන්ධවපැවැති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි  රජය විසින් මුදල් ප්‍රතිපාදන ලබා දෙන ආකාරය අනුව අදාල හිඟ මුදල් පියවීමට කටයුතු කරන බවයි.

මෙවර මහ කන්නයේ දී පොහොර රට පුරා බෙදා හැරීම සඳහා  රජය රුපියල් බිලියන හයක මුදලක් වැය කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

පෝර ණය මිලියන 17000ක් ගෙවන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site