IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පෝර ජාති දෙකක් ලංකාවේම හදන්න යයි

(අංජුල මහික වීරරත්න)

එප්පාවල පොස්පේට් නිධියෙන් ටී එස් පී සහ එස් එස් පී පොහොර නිෂ්පාදනයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

1979 වසරේ සිට නිසි ප්‍රයෝජනයක් නොගෙන පවතින ජාතික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධියෙන් වී සහ අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය ත්‍රිත්ව සුපිරි පොහොර(ටී.එස්.පී) සහ තනි සුපිරි පොහොර(එස්.එස්.පී) නිෂ්පාදනය ඉක්මනින් ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.

දැනට දේශීය ආයෝජකයින් කිහිපදෙනෙක් එප්පාවල පොස්පේට් නිධියෙන් අදාල පොහොර වර්ග දෙක නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇතැයි පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඔවුන් ආයෝජනය කරන්නේ නම් විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා අඩු තරමින් ඩොලර් මිලියන විස්සක් රජයේ ගිණුමෙහි තැන්පත් කළ යුතු බවද පැවසීය.

එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව පොස්පේට් මෙට්‍රික් ටොන් මිලියන 60ක් පවතින බවත් වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා රුපියල් බිලියන 6ක මුදලක් වැය කිරීමට රජයට සිදුවන බවත් මේ සාකච්ඡාවේ දී අනාවරණය විය.

 



අදහස් (10)

පෝර ජාති දෙකක් ලංකාවේම හදන්න යයි

කිරි පුතා Sunday, 19 June 2022 12:53 PM

සම්පත් ගොඩක් උඩ ඉඳන් ලෝකෙ වටේ හිඟාකනවා කොමිස් ගැහිල්ල නිසා. දැන්වත් තියෙන සම්පත් වලිින් නිසි ප්‍රයෝජන ගත්තොත් හොඳයි.

:       0       28

Senaka Sunday, 19 June 2022 01:03 PM

ඕක මෙච්චර කාලයක් නොකරපු අයට හෙන ගහන්න ඕනෑ. විදේශීය පෝර සමාගම්වල කොමිස් කුට්ටියට යටවෙච්ච කාලකන්නි දේශපාලුවන්ටයි, ඔවුන්ගේ කොමිස් වලින් රට කෑ රාජ්‍ය සේවක නිලධාරින්ටයි සාපවෙනවා.. මේවා මේ රටේ මෙච්චර කාලයක් කරන්න නොදුන්නාට...

:       0       30

අමරපාල Sunday, 19 June 2022 03:43 PM

මේ රටට මෙච්චර විනාශයක් කරපු හොරු තාම නිදැල්ලේ. මොවුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද? මහින්ද අමරවීරත් කියවනවා විතරයි තවම එක වැඩක්වත් පටන් අරගෙනම නෑ. මොවුන් කවුරුවත් වැඩක් කරන අය නෙමෙයි. කොමිස් තමයි බලන්නේ. මොවුන් මෙච්චර කාලයක් කෙරුවනේ... 225ම පන්නලා රටගැන හිතන බුද්ධිමත් අළුත් සෙට් එකක් පත්කරගන්නකන් ඔය කිසිම වැඩක් කෙරෙන්නේ නෑ. මොකක් හරි කියලා වැඩේ නොකෙරෙන තැනට තමයි වෙන්නේ...

:       0       15

mangala Sunday, 19 June 2022 05:29 PM

මේ අය හැමදාම මේක හෝද හෝදා මඩේ දදා කියවනවා විතරමයි...

:       1       17

Hafeel Sunday, 19 June 2022 06:31 PM

මමත් ඔබ සමග එකඟ වෙනවා. මේ මහින්ද අමරවීරත් හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද වගේමයි. එහෙම කරනවා, මෙහෙම කරනවා කියලා දිනපතා ප්‍රවෘත්ති සාකච්ඡා හෝ නිවේදන නිකුත් කරනවා. නමුත් ප්‍රායෝගිකව කරපු දෙයක් නැහැ. ගිය සතියේ මෙයා කිව්වා ගොවීන්ට නොමිලේ යූරියා පොහොර දෙනවා කියලා. මේ වෙලාවේ කියකියා ඉන්නේ නැතුව කරලා පෙන්නන්න. කොහොම හරි මෙයා කාලයෙන් කාලයට මහින්දව සහ රනිල්ව විවේචනය කරමින්, ඔවුන්ගේ ආණ්ඩුවේ ඇමති ධුරය දරමින් කාලය ගත කරනවා. මෙයා 2005 සිට අද දක්වා පැවැති ආණ්ඩුවවල ඇමතිකම් දරුවා. නමුත් කරපු දෙයක් නැහැ...!

:       0       9

රනේ Sunday, 19 June 2022 06:27 PM

කරයි.. කරයි.. කෙංගෙඩියක්...

:       0       6

Nihal Harischandra Sunday, 19 June 2022 08:13 PM

දැන් තමයි මතක් වෙන්නේ. මෙච්චර කාලයක්...?

:       0       4

Lalith M Sunday, 19 June 2022 08:45 PM

මතකද මලේ 2015දී දෙසුවා....ඉන්න ඇමතිවරු හම්බ කරගෙන ඉවරයි.අලුත් අය ආවොත් අලුතින්ම හම්බ කරයි කියල. ඉතින් මලේ හම්බ කරගෙන ඉවරනම් දැන් රටට වැඩ කරන්න පුළුවන් නේද?

:       0       5

බන්ඩාර Monday, 20 June 2022 06:37 AM

මම අහලා තියෙන විදිහට නම් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායනික මහාචාර්ය වරුන් කරපු පර්යේෂණවලට අනුව එප්පාවල, රොක්පොස්පේට් වලින් වී වගාව, වැනි කෙටිකාලීන බෝග සඳහා පොස්ෆේට් පොහොර, සෑදීම ඉතාම මිල අධිකයි. භේතුව එහි රසායනික සැකසීමේ පිහිටීම... එය සුදුසු වන්නේ පොල් වැනි දිගු කාලීන බෝග, සඳහායි. මේක මේ ඇමතිවරයා නොදන්නවා නොවේ. ඒත් බොරුවට මිනිසුන් රවටනවා...!

:       0       1

මොගම්බෝ Monday, 20 June 2022 08:16 AM

මේකත් කියවනවා ව්තරයි වැඩක් කරන එකෙක් නෙමෙයි. තොපි පලයව් පව් නොදී. තරුණ පිරිසකට අවස්ථාව දීලා. අළුත් විදියට හිතල වැඩක් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 213 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site