(සුමතිපාල දීයගහගේ)
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වුු ගැඹුරු මුහුදේදී පසුගිය 16 වන දින පෙරලීමෙන් ආපදාවට පත් LU PENG YUAN YU 028 නැමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවේ කිමිදුම් කණ්ඩායමක් උඩුකුරුව පෙරලී තිබු චීන ධීවර යාත්‍රාවේ කපිතාන්වරයාගේ මැඳිරියෙන් සහ නවාතැන් මැඳිරි ප්‍රදේශයෙන් මළසිරුරු 14 ක් සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාවෙි මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.
එමෙන්ම ධීවර යාත්‍රාවේ කාර්ය මණ්ඩලය නවාතැන් ගන්නා කාමර තුළ සහ අනෙකුත් මැඳිරි තුළ නරක්වූ මළසිරුරු 12 ක් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් හදුනා ගෙන ඇතත් එම මළසිරුරුවල නරක්වූ ස්වභාවය සහ එම සිරුරු ගොඩ ගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන්ට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන එම මළසිරුරු ඇති ස්ථාන සිතියම් ගත කළ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම එම තොරතුරු සහ සිතියම මෙන්ම ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳවත් අනතුරට පත් ධීවර යාත්‍රාවට ආරක්ෂිතව කිමිදුම්කරුවන්ට ඇතුලු විය හැකි සහ පිටවිය හැකි පිවිසුම් පිළිබඳවත් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් චීන කිමිදුම්කරුවන් රැගෙන එම ස්ථානයට පැමිණ ඇති MV SHANDONG DE LONG නැමැති චීන නෞකාවේ කපිතාන්වරයා ඇතුලු කිමිදුම්කරුවන්ට අද (23) ලබාදී තිබෙි.
ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාව නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්ද සමග ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව තිබු මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර තිබුණිි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පෙරළුණු චීන නෞකාවට නාවික හමුදාව ඇතුළු වේ
Bunny Preena Wednesday, 24 May 2023 09:32 AM
බොහොම කනගාටුදායක පුවතක් .මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින් කොයි තරම් දුකට වේදනාවට පත්වෙලා ඇතිද?