IMG-LOGO

පෙරහර රාජකාරියට ආ කොස්තාපල්ට කොරෝනා

(එමි.කේ.නන්දසේන)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා පැමිණි බව කියන කොස්තාපල් වරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.

මෙම කොස්තාපල්වරයා ලුණුගම්වෙහෙර පොලිසියට අනුයුක්ත නිලධාරියකු බවටත් ඔහු හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි කරුවකු බවටත් හඳුනා ගෙන ඇතැයි ඒ මහතා පැවසීය.

මෙම කොස්තාපල්වරයා නවාතැන් ලබා ගෙන සිටි බව කියන කතරගම නවාතැන් පොළෙහි සිටි තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු නිරෝධායනයට ලක් කළ බව ද කියයි.

රෝගී තත්ත්වයෙන් පෙළෙන කොස්තාපල්වරයා හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ බවද ඒ මහතා කීය.

 



අදහස් (1)

පෙරහර රාජකාරියට ආ කොස්තාපල්ට කොරෝනා

Mahinda Monday, 12 July 2021 04:41 PM

දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ... පිස්සො වගේ දේශපාලකයින්ට ඕනෑ විදියට කොරෝනා මර්දනය කරන්න බෑ කියලා මේ අය දැන්වත් තේරුම් ගන්න ඕනේ. පෙරහැර හෝ ආගමික වතාවත් කියන්නේ මේ වගේ වෙලාවක ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ කාරණා නෙමෙයි. ඒක මොනම ආගමක් වෙනුවෙන්වත් කරන්න ඕනෑ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 104 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 62 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site