IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ප්‍රහාරයට සම්බන්ධ කාටවත් සමාවක් නෑ - ඉරානය

ඉරානයේ කෙර්මාන් නගරයේ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ හෝ අනුබල දුන් කිසිවකුට කිසිම සමාවක් නොදෙන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා තිබේ.

එම බෝම්බ ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන 103 කි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 211 කට වැඩිය. ඇමෙරිකන් ප්‍රහාරයකින්, මියගිය ඉරාන විප්ලවීය හමුදාවේ ජනරාල්වරයකු වූ කසීම් සුලෙයිමානීගේ ගුණ සැමරුමක්, ඉරානයේ දකුණුදිග කෙර්මාන් නුවර, ඔහුගේ සොහොන් ගැබ අභියස පැවැත්වෙද්දීය. කසීම් සුලෙයිමානීගේ සොහොන් ගැබ ඇත්තේ ෂියා ෂහේබ් අල් සාමාන් මුස්ලිම් පල්ලිය අසලය. ගුණ සැමරුමට දහසකට වැඩි ඉරාන වැසියෝ පිරිසක් එක් රොක් වී සිටියහ. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඉරාන ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැත.

‘ඉරානයට විනාශ කිරීමට උත්සාහ ගන්නා ඉරානයේ නපුරන් යළිත් වරක් ඉරානය අඩපණ කිරීමට උත්සාහ ගත්තා. අහිංසක ඉරාන වැසියන්ගේ ලේ සෙලවූවා. ප්‍රහාරය පසුපස සිටින ඉරානයේ සතුරන් කිසිවකුට අප සමාව දෙන්නේ නැහැ. ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට සුදුසු ආකාරයේ දඬුවමක් හිමිවේවි.’ යැයි ඉරාන උත්තරීතර නායකයා පැහැදිලි කර තිබේ.
ඉරානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ සුන්නි මුස්ලිම් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ය.

සුන්නි මුස්ලිම් ත්‍රස්තයන්, පසුගිය වසර ගණනාව පුරා ෂියා මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීම් සිදු කර ඇත.
කසීම් සුලෙයිමානී යනු ඉරානයේ සිටි බලවත්ම පුද්ගලයෙකි. ඔහු දෙවැනි වූයේ ඉරාන උත්තරීතර නායක කොමේනිට පමණි. සුලෙයිමානී ඉරාන විප්ලවීය හමුදාවට අයත් අතිරේක බලඇණිවලට නායකත්වය දුන්නේය.

සුලෙයිමානී ඇමෙරිකන් හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වූයේ 2020 වසරේ දී ඉරාකයට ගිය අවස්ථාවේදීය. ඇමෙරිකන් හමුදා සුලෙයිමානී ඝාතනය කළේ එවකට ඇමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඞ් ට්‍රම්ප් ලබා දුන් නියෝගයකට අනුවය.

 



අදහස් (0)

ප්‍රහාරයට සම්බන්ධ කාටවත් සමාවක් නෑ - ඉරානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1554 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1677 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site