(ඩබ්ලිව් ඩී එම් විතානගේ)
රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වටිනා කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් දෑනට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනාට අපෙක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය එම සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියෝග කළාය.
මේ නඩුව අද නැවත කැඳවු අවස්ථාවේ එම සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් වන අමිල පල්ලියගුරු හා දේශාල් පෝල් යන මහත්වරුන් විසින් තම සේවාදායකයන්ට ඇප ලබා දෙන ලෙසට මීට ඉහත කරන ලද ඉල්ලීම සම්බන්ධව නියෝගය අද ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරිය කර තිබු ප්‍රකාශය අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය සදහන් කෙළේ මේ නඩුව පවරා තිබෙන්නේ නීතීපතිතුමාගේ උපදෙස් අනුව පොදු දේපල පනත යටතේ. මේ සැකකරුවන් පොලිසිය හා අධිකරණය මගහැර සිටි බැවින් ඔවුන්ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබු බවත් ඔවුන්ට ඇප ලබා ගැනීම සදහා සුවිශේෂී කරුණු හෝ අසාමාන්‍ය කරුණු ඉදිරිපත් නොවු බවත් ඒ නිසා ඔවුන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන බවත්යි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රසන්නට ඇප නොදෙයි:යළි රිමාන්ඩ්
ravin Monday, 14 July 2025 10:16 PM
ෂා වැඩියක් පෙරා ගන්න තිබුණු අවස්ථාවක් මඟ හැරුණා.
Shantha Tuesday, 15 July 2025 12:31 AM
දෙන්න එපා > ඕකා පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැහුවා සර්.
Jayasekara Tuesday, 15 July 2025 11:10 AM
කසිප්පු , මෙට්ට