(මනෝප්රිය ගුණසේකර)
කොළොන්නාව මීතොටමුල්ල ප්‍ර දේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරුවී අත්හිටවු සිරදඬුවම් සහ දඩ නියම වු හිටපු අමාත්ය ප්‍රසන්න රණතුංග මහතා එම තීන්දුවට සහ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අද (07) අභියාචනයක් ඉදිරිපත් කළේය.
නීතීඥ මේරි ඩික්මන් මහත්මිය මාර්ගයෙන් ඉදිරිපත් කළ එම අභියාචනය අද කොළඹ මහාධිකරණයට බාර දුන්නේය.
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරුවු හිටපු අමාත්ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 02 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 05ක කාලයකට අතිහිටුවනු ලැබු අතර ඊට අමතරව රුපියල් කෝටි 2 1/2ක දඩයකටද ඔහු යටත් කළේය.
මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමටද විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතාට නියම කළ විනිසුරුවරයා දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසරක බරපතළ වැඩ සහිත සිරඳඩුවමක්ද ඔහුට නියම කෙරිනි.
වසර 07ක කාලයක් පුරා විභාග කළ මෙම නඩුවේ සාක්කි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ චෝදනා ලැබ සිටි ඔහුගේ බිරිඳ වන ගම්පහ උඩුගම්පොල පදිංචි මොරීන් ස්ටේලා රණතුංග මහත්මිය සහ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන නරේෂ් කුමාර් ෆාරිස් නමැත්තකු නඩු විභාගයෙන් අනතුරුව විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ප්‍රසන්නගේ තීන්දුවට එරෙහිව අභියාචනයක්