IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පැරුෂුටයෙන් සසුන් බිමට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකායේ විශ්‍රාමික මේජර්වරියක වූ මනීෂා ඉන්දීවරි වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද සසුන් ගත වූවාය.

සසුන්ගත වීම සිදුවූයේ බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්තිරතන ,ගලඋඩහේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යාත්වයෙනි

මෙහෙණි සසුනට ඇතුළත් කර ගැනීමේ සුබ නැකත උදා වීමට කලින් මනීෂා මෙනවිය මනමාලියක් ලෙස පෝරු මස්තකාරූඪ කර පසුව ඇයගේ ඥාති මිත්‍රාදීන් හිතවතුන්හිතවතියන් සමග ඡායාරූප ගැනීමට ද ඉඩ ප්‍රස්ථාව ලබා දුන් බව බද්දේගම ජිනසාර හිමියෝ ලංකාදීපයට පැවසූහ.

තරමක වේලාවක් මනමාලියක් ලෙස සැරසී සිටීමට අවකාශ ලබා දී පසුව ගිහි ජීවිතේම ඉන්නවාද එසේ නොමැතිනම් පැවිදි දිවියට එළඹෙනවා දැයි යනුවෙන් විමසන බවත් බද්දේගම ජිනසාර හිමියෝ වැඩිදුරටත් කීහ.

මනීෂා මෙනවිය ගෙන් මේ බව විමසූ අවස්ථාවේ ඇය මෙහෙණි සසුනට ඇතුල් වීමට කැමැත්ත ප්‍රකාශ කළ නිසා මනමාලියක ලෙස සැරසී සිටි ඇඳුම් ඉවත් කර කොණ්ඩය කපා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර සිවුර පෙරවූ බව ජිනසාර හිමියෝ පෙන්වා දුන්හ.

ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේගේ පියා අයි. ඩී මාටින් සහ අයි. ඩී සෝමාවතී මහත්මිය සහෝදරයන් වන මහේෂ් මදුවන්ත ,අයේෂ් සුදර්ශන පවුලේ ඥාතීන් හිතමිතුරන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (6)

පැරුෂුටයෙන් සසුන් බිමට

රා කට්ටා Thursday, 27 July 2023 09:17 PM

ඔබතුමියට බුදු සරණයි

:       1       14

Muthu Thursday, 27 July 2023 10:25 PM

මහන වීම කියන්නේ ගිහි ගේ හරයාමක් නෙවෙයි. ගිහි ගෙය මාරු කිරීමක්. පලවෙනි ගිහිගෙ අතහැරලා දෙවෙනි ගිහි ගෙට යනවා. අපිට නැති කාමසැප එතන තියෙනවා. ඇස් වලට පෙන පුංචි පුංචි වෙනස් කම් කීපයක් තියෙනවා. ඒකත් ඒ අයගේ වාසියට හදා ගත ඒවා. ඔය දෙපලේම තියෙන්නේ ඇලීම හා ගැටීම.

:       25       8

Yogananda D.N. Friday, 28 July 2023 10:11 AM

තෙරුවන් සරණයි! මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට කුසල් සිත් ධෛර්ය පහළ වේවා!

:       0       26

Bunny Preena Friday, 28 July 2023 10:29 AM

වාසනාවන් .රට දැය වෙනුවෙන් සේවය කර ජීවිතයේ ඉතිරි කාලය බුදු සසුන වෙනුවෙන් කැප කිරීමට ඔබ වහන්සේ ගත් තීරනය ඉතාමත්ම ඉහලින් අගය කල යුතුයි

:       0       18

කිරඅපුතා Friday, 28 July 2023 11:36 AM

රට වෙනුවෙන් තම උපරිමය කර , දැන් තමා වෙනුවෙන් යමක් කරගැනීමට තරම් බුද්ධිමත් වූ මේ උත්තමාවියට සසර දුක ඉක්මනින්ම නිමා කර ගැනීමට හැකි වේවා.!!

:       0       15

සත්‍යපාල Friday, 28 July 2023 02:21 PM

ඇත්තටම බුදුණුවෙක් හැටියට වෙන්නෙ මොකක්ද කියලා හිතන්න බැහැ එකක් ආරාමයක මෙහෙණින් වහන්සේසේලා සමග නොවෙයි මෙම සාමනේරියන් වහන්සේසේ වැඩ වසන්නේ කියලා පේනවා දෙවැන්න උපසම්පදා නොලත් කෙනෙකුට මෙහෙණින් වහන්සේ කියන්න බැහැ. කියන්න ඕන සාමනේරීන් වහන්සේ කියලා තමයි මේගැන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අවධානයට යොමුවේවා මහානායක හාමුදුරුවෝ මේගැන විමසා බලත්වා

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site