IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රංශ රැකියා පෙන්වා මුදල් ගැරූ අපේක්ෂකයෙක් අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

ප්‍රංශයේ රැකියාවකට යවන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක් වංචා කළ බව කියන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකවරයකු අද (12) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂයකු වන යාපනය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.

යාපනය, කච්චේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් යාපනය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යාපනය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉකුත් අගෝස්තු මාසයේ සැකකරු එම පුද්ගලයා ප්‍රංශයට යවන බව පවසා මුදල් ලබාගෙන තිබූ බවත් සැකකරුට විදේශ රැකියා ඒජන්සියක් හෝ නොමැති බවත් විමර්ශවලදී අනාවරණයවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (2)

ප්‍රංශ රැකියා පෙන්වා මුදල් ගැරූ අපේක්ෂකයෙක් අල්ලයි

Nihal Tuesday, 12 November 2024 05:06 PM

ලංකාව ඇතුළු දිළිදු රටවල් වලින් ආපු විශාල පිරිසක් රැකියා නැතුව ඉන්නවා. කොන්ඩය කපන්න වගේ වෘත්තියක් දන්නවා නම් තමයි සාර්ථක

:       0       0

Pradeep Kumara Tuesday, 12 November 2024 07:48 PM

ඡන්දෙට වියදම් කරන්න සල්ලි මදි වෙන්න ඇති. තව කොහොමද මේ වගේ අයට බලය ලැබුණොත්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site