IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි

මහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. 

ඒ අනුව, ප්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයේ පළමු වටය මෙම ජූනි 30 වැනිදාත්, දෙවැනි වටය ජූලි 7 වැනිදාත් පැවැත්වෙනු ඇත.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ජාතිය අමතමින් ඒ බව දැනුම් දීමෙන් පසුවය.

යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, ජයග්‍රහණය කළ වැඩි දෙනා අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්ය. මැතිවරණයෙන්, ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් චාන්සලර් ඕලාෆ්, ඔස්ටි්‍රයානු චාන්සලර් කාර්ල් නෙහැමර් පරාජයට පත් වූහ.

එම මැතිවරණ පරාජය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවීමටත්, කඩිනමින් මැතිවරණයකට යෑමටත් තමන් තීරණය කළේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 511 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site