
.(අංජුල මහික වීරරත්න සහ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරෙන කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලා හයෙන් එකක් වාරියපොළ මින්හෙට්ටියේ දී අද (4)විවෘත කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් මෙම කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්තශාලා හය ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම කර්මාන්තශාලාව සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 800කි. දෛනිකව කිරි ලීටර් 40,000ක් මෙම කුඩා කිරි සැකසුම් කර්මාන්තශාලාවේ දියර කිරි ලෙස සැකසෙන අතර, ගොවීහු 4200ක් දෛනිකව අවශ්‍ය කිරි මෙම කර්මාන්ත ශාලාවට සපයනු ලබති.
කිරි ලීටරයක් රුපියල් 140ක් බැගින් මෙම කර්මාන්ත ශාලාව විසින් මිලදී ගනු ලබයි.
මෙමගින් ගොවි ජනතාවට ප්‍රතිලාභ වශයෙන් හිමිවන මුදල දෛනිකව රුපියල් මිලියන 4.2කි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කිරි සැකසුම් මධ්‍යස්ථානය විවෘත වූ අතර එම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Franchois Peatet, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රංශ කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි
wedage Tuesday, 04 July 2023 03:00 PM
දුඹුරු පාට කිරි
Nimal Tuesday, 04 July 2023 04:24 PM
ජර්මනියේ වොක්ස්වැගන් එන්නේ කවදාද?
dakune api Tuesday, 04 July 2023 04:28 PM
කොමිස් නොගන්න ඇමැතිවරුන්ගේ ආයතන, ආයෝජන දියුණු වීම සිදුවෙනවා. වෙනස වටහා ගත හැකියි...