IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශයේ සිට ආ මගියාගේ මල්ලේ සෙල්ලම් අවි දෙකක්

(ටී.කේ.ජී.කපිල)

ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් බෑගයක් තුළ රිවෝල්වරයකට සහ පිස්තෝලයකට සමාන අවි දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය .

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි මෙම 65 හැවිරිදි ගුවන් මගියා ප්‍රංශයේ පැරිස් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු  රැගෙන ආ ගමන් මල්ලක් වැරදීමකින් වෙනත් ගුවන් මගියකු රැගෙන ගොස් තිබූ අතර පසුව එම මගියා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් , ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙන් සොයා ගෙන , අවශ්‍ය නිවැරැදි කිරීම සිදු කර තිබේ.

පසුව එම ගමන් මල්ල ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්  පරිලෝකන යන්ත්‍රයක් (Scan Test ) මගින් නිරීක්ෂණය කිරීමේදී , එය තුළ පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබෙන බව හදුනා ගෙන තිබේ .

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම ගුවන් මගියා සහ මෙම අවි සහිත ගමන් මල්ල අත් අඩංගුවට ගෙන තිබේ .

පොලීසිය වෙත රැගෙන ගිය මෙම අවි වැඩිදුර නිරීක්ෂණය කිරීමේදී මේවා ප්ලාස්ටික් වලින් නිෂ්පාදන කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම ගුවන් මගියා ඇප මත නිදහස් කර යවා තිබේ .

මෙම අවි දෙක දුඹුරු සහ නිකල් පැහැයෙන් යුතු අතර ඒවා ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කර තිබේ . ඒවා මත (Idial Dum) ලෙස සදහන් කර තිබේ .

මෙම අවි දෙක පිළිබඳව වැඩිදුර විමර්ශනය කර වාර්තාවක් ලබා ගැනීම සදහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කර තිබේ .

 



අදහස් (0)

ප්‍රංශයේ සිට ආ මගියාගේ මල්ලේ සෙල්ලම් අවි දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site