IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පාර්ලිමේන්තු සේවකයන් තවත් 27 කට කොරෝනා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ තවත් සේවකයන් 27 දෙනකුට කොවිඩ්  ආසාදනයවී  ඇතැයි තහවුරුවී ඇත.

කොවිඩ්  ආසාදනයවී ඇති මෙම පිරිසට පොලිසියේ දෙදෙනෙක්ද ඇතුළත් වෙති.

පාර්ලිමේන්තු  සේවකයෝ  159 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට අද (8) යොමු කෙරුණහ. මෙම සේවකයන් 27දෙනාට කොවිඩ්  ආසාදනයවී ඇතැයි   හඳුනාගෙන ඇත්තේ එම පරීක්ෂණවලදීය.

කොවිඩ්  ආසාදිත සේවකයෝ  පිරිස නිරෝධායනයට ඒ මොහොතේම  යොමු කරනු ලැබූහ.

පාර්ලිමේන්තු සේවකයෝ පනහකට ආසන්න පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් කොවිඩ්  රෝගයට පසුගිය සති කිහිපයේදී ගොදුරු වූහ.

කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරු වී ඇති මන්ත්‍රීවරුන් ගණන 49කි.

විශේෂ උත්සවයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණද  කොවිඩ්  තත්වය නිසා ඔහු ඊට සහභාගි වූයේ නැත.



අදහස් (0)

පාර්ලිමේන්තු සේවකයන් තවත් 27 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site