IMG-LOGO

පාර්ලිමේන්තු පොලිසියේ ’’මොරාල්’’ වැඩි කරන්න අලුත් වැඩක්

(නිමන්ති  රණසිංහ සහ  සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පොලිස්  කොට්ඨාශයේ නිලධාරින්ගේ   මානසික ශක්තිය වර්ධනය  කිරිම සඳහා විශේෂ වැඩ සටහන්  මාලාවක් එම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත.

මෙහි  පළමු පියවර ලෙස මානසික ශක්තිය වර්ධනය කිරීමට අදාළ උපදෙස් ඇතුළත්  විශේෂ දේශනයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.

මනෝවිද්‍යාව පිළිබඳ  ප්‍රවීණයකු වන මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා මෙම දේශනය පැවැත්වීය.

පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරිහු රැසක් මෙම වැඩසටහනට සම්බන්ධ වූහ.

ජීවිතයේ අභියෝග ජයගැනීම, මානසික තත්වය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම, රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු කිරීම, මනස ලෙඩ නොකර ස්ථාවරව පවත්වාගෙන යෑම යනාදී කරුණු පිළිබඳව  මෙහිදී පොලිස් නිලධාරින් පුළුල්ව  දැනුවත් කෙරුණු බව එම පොලිස් කොට්ඨාශය පවසයි.



අදහස් (6)

පාර්ලිමේන්තු පොලිසියේ ’’මොරාල්’’ වැඩි කරන්න අලුත් වැඩක්

sena Saturday, 10 September 2022 12:19 PM

ඕවා එකක් වත් වැඩක් නැහැ.මිනිස්සු නැගිට්ට වෙලාවට .මිනිස්සු මර්ධනය කරපු පොලිසියත් ,මර්ධන දියත් කරපු එයාලාගේ හාම්පුත්තුන්ටයි යන්න තැනක් හොයාගන්න වෙනවා

:       8       24

samaadi Saturday, 10 September 2022 01:33 PM

පාලකයින්ට සැප පහසුකම් වැඩි කරගන්න කොට ආරක්ෂකයින්ට මොරාල් වැඩි කරනවාලු.ඇත්තටම මෙතන හිතන්න කල්පනා කරන්න පුළුවන් පොලිස් නිලධාරීනුත් ඉන්නවද?

:       4       16

kamalweerasekara Saturday, 10 September 2022 01:44 PM

ඇමතිලාට වරප්‍රසාධ දීලා පොලිසියය පොඩි චූන් එකක් දෙනවා.

:       2       17

himakarakasun Saturday, 10 September 2022 01:48 PM

සැමදා වහල්ලු තමයි

:       5       16

ganegodaSaturday, 10 September 2022 03:12 PM

ආරක්ෂක නිලධාරින් රජයට එරෙහිවන කාලය උදාවී ඇත. ලෝකයේ හුඟක් රටවල්වල සිද්ද වුණු දෙයක්...!

:       0       0

fairoos Sunday, 11 September 2022 01:45 PM

වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න හොඳ නැහැ මේ අයට නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 536 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 706 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 288 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site