IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාර්ලිමේන්තුව බලන්න පාසල් සිසුන් මුල්ම කණ්ඩායම එයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික  වීරරත්න )

කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියෝ සියයකට අධික පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට අද (26) පැමිණියහ.

කොවිඩ්  පැතිරීමත් සමග පාර්ලිමේන්තුවේ පැනවූ සීමාවන් පසුගිය 20 වැනිදා ලිහිල් කිරීමෙන් පසු එම පරිශ්‍රය නැරඹීමට පැමිණි පළමු  කණ්ඩායම වන්නේ  මොවුන්ය.

මෙම අධ්‍යයන චාරිකාවේදී සිසුවියන්ට   මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු සභා ගර්භය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී.

සභාගර්භය පිළිබඳව සිසුවියන්  දැනුවත් කිරිමද මෙහිදී  සිදුවිය. මෙයට  අමතරව සෙංකෝලය, සභා ගර්භයට මෙපිටින් ඇති ආලේඛ්‍ය චිත්‍ර සහ පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන රිදී දොරටුවද නැරඹීමට ඔවුනට අවස්ථාව  උදා කර දුන් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.



අදහස් (7)

පාර්ලිමේන්තුව බලන්න පාසල් සිසුන් මුල්ම කණ්ඩායම එයි

sisil Monday, 26 September 2022 05:19 PM

කාන්තාවන් දේශපාලනයට පැමිණීමට උනන්දු කරවිය යුතුවේ.

:       0       0

සඳුන් Monday, 26 September 2022 05:39 PM

දරුවනේ පරිස්සමින්... වටිනා දේවල් ගෙනියන්න එපා...

:       1       4

බද්රානි Monday, 26 September 2022 06:42 PM

චීයා!! පාසල් දරුවන්ට තබා වයසක අපිටවත් පැත්ත පළාතේ යන්න සුදුසු නැති මේ වගේ තැනකට ගැහැණු දරුවන්ව රැගෙන යන්න පිස්සුද මන්දා? ඒ මදිවාට තරුණ ටීචර් කෙනෙකුත් ගිහිල්ලා.. අඩු තරමේ හිරගෙදර වත් පෙන්නන්න එක්කගෙන ගියා නම් මීට වඩා වැදගත් නේද?

:       0       0

Asela Monday, 26 September 2022 07:32 PM

ඒක හොඳයි. මහජන මුදල් හොරාකන හැටි ඔවුන්ට ඉගෙන ගන්න පුළුවන්..!

:       0       0

ගමේ එකාලා Monday, 26 September 2022 08:17 PM

දියවන්නාවේ සත්තු හැසිරෙන්නේ කොහොමද කියලා බලාගන්න බැරිවෙන එකක් නැහැ.

:       0       0

chandima Monday, 26 September 2022 09:12 PM

පොඩි අයට අඹේවෙල ෆාම් එකට ගියා වගේ සතුටක් දැනෙන්න ඇති...

:       0       0

Perera Tuesday, 27 September 2022 04:30 AM

දරුවන්ව ඔය ගුබ්බෑයම්වලට මොකට අරන් යනවද මන්දා...? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 346 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site