IMG-LOGO

‘පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විශාල මුදලක් වැය කර  පාර්ලිමේන්තුවේ පිරිත් පින්කමක් ළඟදීම පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යන බවත් පිරිතක් පවත්වා මේ රටේ පෝලිම්  ප්‍රශ්නයට විසඳුම් දිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත්   සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

රටේ ජනතාව දින තුන්සිය හැට පහේම පාර්ලිමේන්තුවට දෙස් තියන වෙලාවක මෙලෙස මුදල් නාස්ති කිරීම ශාපයක් වනු ඇති බවද  ඔහු කීවේය.

විජේසිරි මහතා මෙසේ පැවසූවේ  සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

රටේ ආර්ථික තත්වය ගැන සිතා එම පින්කම වහා නතර කරන්නැයි  මන්ත්‍රීවරයා මෙහිදී මුලසුනෙන් ඉල්ලා සිටියේය.

මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ එම  කාරණය පිළිබඳව කතානායකවරයාගේ අවධානයට යොමු කරන බවයි.



අදහස් (15)

‘පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න‘

චන්දන Thursday, 24 March 2022 06:02 PM

පාර්ලිමේන්තු රැස්වීම තියලා කෝටි ගණන් සල්ලි නාස්ති කරනවට වඩා ඒවා නවත්වා පිරිත් කියන එක හොඳයි...

:       37       117

fairoosThursday, 24 March 2022 08:14 PM

චන්දන වගේ බයියො ඉන්නකම් රටට අබ සරණයි...!

:       136       38

Don perea Thursday, 24 March 2022 11:17 PM

100% ක් හරි...

:       0       1

චන්දන Friday, 25 March 2022 06:58 AM

මෙයා බලන් ඉන්නේ සජිත්ගේ ආණ්ඩුව එනකන්. එළුවා පස්සේ යනවා වැටෙනකන්...

:       1       2

Chathura Nuwan SendanayakaFriday, 25 March 2022 10:38 AM

මේ අයට මාර කැක්කුමක් තියෙන්නේ.

:       0       0

අසංගFriday, 25 March 2022 03:11 AM

ඔබ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ මොකක්ද කියල ඉගෙනගෙන ඇවිත් කමෙන්ට් දාන්න. ස්තුතියි...!

:       1       0

NuwanFriday, 25 March 2022 10:49 AM

ලක්ශ 69 කෙනෙක්. ජවිපෙ ආණ්ඩුවක් යටතේ ස්ටාලින් කළා වගේ මේ අය වැඩ කඳවුරු වලට යවලා රටේ සංවර්ධනයට යොදවනවා...

:       0       0

mp Thursday, 24 March 2022 07:56 PM

මොන පිරිත්ද මේ පෝලිං ලන්තයට...?

:       77       43

, saranapala Thursday, 24 March 2022 08:03 PM

කමක් නැහැ පිරිත් කියලා මුට්ටිය ගඟට දාලා බලමු...

:       57       33

Hhhhh Thursday, 24 March 2022 08:55 PM

පිරිත් නෙමෙයි, පොලුයි ගහන්න ඕනේ...

:       70       36

Kumara Thursday, 24 March 2022 09:37 PM

මේ අය බුදුදහමටත් නිගා කරනවා.

:       1       3

Lanka Thursday, 24 March 2022 09:51 PM

සමගි ජනබලය දැන්ම බුදුදහමට අපහාස කරනවා. ගියපාරත් කෙළවුණේ මේ හින්දයි. බුදුදහමට මුල්තැනදී සලකන්න පුරුදු වෙන්න... එතකොට ඡන්ද ලැබෙයි. රනිලුත් වරද්දගත්තේ කට හින්දයි. රනිල් වගේ නෙවෙයි, රණසිංහ ප්‍රේමදාස වගේ වෙන්න.

:       5       1

Deepal Nirosh Friday, 25 March 2022 05:24 AM

පාර්ලිමේන්තුවේ පිරිත් කියකියා ඉන්න කලින් රටේ මූල්‍ය අර්බුදය තිබියදී පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු කැඳවාගන්න වැඩ පිළිවෙළක් සූදානම් කරා නම් නේද හොඳ...?

:       1       2

ජයසුන්දර Friday, 25 March 2022 12:43 PM

අනිවාර්යයෙන් නවතා පාර්ලිමේන්තුවත් අනිවාර්යයෙන් වහලම දාන්න ඕනෑ...

:       1       2

Amila Friday, 25 March 2022 02:58 PM

කෑම එක නැවැත්තුවොත් හොඳ නැද්ද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site