IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ ගණපූර්ණය නැති වෙන්න හේතුව කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු කමිටු වල සාමාජිකයන් ගණන දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බැවින් කාලය කළමණාකරණය කරගෙන පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 පාර්ලිමේන්තුවේ කමිටුවල සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරුන් කමිටු  රැස්වීම් අතරතුරදී පාර්ලිමේන්තුව සභා ගර්භයට පැමිණීමෙන් කමිටු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වන බව ද අමාත්‍යවරයා කීය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය කතාව අතරතුරදී පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති බවට කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 



අදහස් (3)

පාර්ලිමේන්තුවේ ගණපූර්ණය නැති වෙන්න හේතුව කියයි

සෞභාග්‍යයෙන් රට පෙරමුණට Wednesday, 09 August 2023 05:25 PM

පාර්ලිමේන්තුවේ රැස්වීම් තියෙන වෙලාවේ කමිටු කැඳවීමෙන් රැවුලයි, කැඳයි දෙකම නැතිවෙනවා. අවුරුදු 75 ක් රට පස්සට ගියේ ඔය වගේ සැලසුමක් නැතුව වැඩ කරපු නිසා තමයි ඇයි පාර්ලිමේන්තුවේ රැස්වීම් නැති දවස්වල කමිටු රැස්වෙන්න බැරිකමක් තිබේද? අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ.... බෙරේ පලුවකුත් නැහැ වගේ ලංකාව අගාධයකට වැටෙනවා.

:       0       24

Gunendra Wednesday, 09 August 2023 07:43 PM

සම්පූර්ණ ඇත්ත.

:       0       0

සල්ලි Wednesday, 09 August 2023 09:15 PM

ඝන පූර්ණ උනාම මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙනවා ද? මේකාලා එදත් අදත් හෙටත් කතා කරන්නේ උන්ගේ ප්‍රශ්න ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site