IMG-LOGO

පාර්ලිමේන්තුවේ කෑමබීම සීමා කෙරේ

(සුජිත් හේවාජුලිගේ )

රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ  ආහාර සහ ලිපි ද්‍රව්‍ය පාවිච්චිය හැකි උපරිමයෙන්   සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී  ඇත.

මේ අනුව  පාර්ලිමේන්තුවේ දිනකට  පිළියෙළ කරන ආහාර වර්ග ප්‍රමාණ දැනටමත්  අඩු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

එසේම  ලිපි ද්‍රව්‍ය පාවිච්චියද සැලකියුතු ලෙස  සීමා කර ඇතැයි  එම නිලධාරියා සඳහන් කළේය.

විශේෂයෙන්ම පණිවිඩ යැවීමේදී ලිපි ද්‍රව්‍ය වෙනුවට හැකිතාක් ඊමේල් වැනි ක්‍රම භාවිතා කරන්නැයි  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිලධාරීන්ට උපදෙස්දී ඇත.

මේ අතර  මන්ත්‍රීවරුන්ට මාසිකව සැපයෙන  ලිපි ද්‍රව්‍ය ප්‍රමාණයද   අඩු කිරීමට  පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුවී  ඈත.

තවද අමාත්‍යාංශවල කාර්ය සාධන වාර්තා  අවශ්‍යම අංශ  වලට පමණක් පොත් වශයෙන්  ලබාදී අනෙක් ඒවා    සීඩී තැටි මගින් පමණක්  ලබාදීමටද කතානායකවරයා දැනුම්දී ඇත.

සේවක සේවිකාවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහාද විශාල මුදලක් වැය කෙරෙන බව  පෙනී ගොස් ඇති හෙයින් ඒ  මුදල අවම කර ගැනීම  සම්බන්ධයෙන්ද  පියවරක් ගැනීමට  අවධානය යොමුවී ඇතැයි පවසන  පාර්ලිමේන්තු ප්‍රධානීහු පාර්ලිමේන්තුවේ ගෘහ  කාරක සභාව  ඉදිරියේදී රැස්වී මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතව ඇතැයිද ප්‍රකාශ කරති.

පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ගේ අවශ්‍යතා සඳහා ලංගම බස් වෙනුවට පාර්ලිමේන්තුවේ  බස්රථ පමණක් යොදා ගන්නැයි ඉදිරිපත්වී ඇති  යෝජනාවක්ද මෙහිදී සලකා බැලීමට නියමිතය.

පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ගේ අවශ්‍යතා සඳහා යොදවා ගැනෙන  ලංගම බස් රථ සංඛ්‍යාව  10 කි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා ශ්‍රී ලංගම මාර්ගස්ථ ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් 2019 වර්ෂයේදී වැය කර ඇති මුදල  රුපියල් තුන් කෝටියකට( 27,863,257.50) ආසන්නය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය  සඳහා එම වර්ෂයේදී නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව 766 කි.

මේ තොරතුරු සඳහන් වන්නේ  පාර්ලිමේන්තුවේ 2019 කාර්ය සාධන වාර්තා වේය.



අදහස් (6)

පාර්ලිමේන්තුවේ කෑමබීම සීමා කෙරේ

sharm warn Monday, 11 April 2022 04:00 PM

තව ගෙවල්වල ඉන්න සනුහරේත් ගෙන්නලා කවන්න, පොවන්න නේද බලන් හිටියේ? ලැජ්ජාවක් දැනුනේ නැද්ද? ඔය වගේ යෝජනා කරද්දී?

:       1       27

සත්‍ය ගවේෂී. Monday, 11 April 2022 05:03 PM

රට වැටී ඇති අගාධය ගැන මේ කියනා දේත් හොඳම නිදසුනක් නේද? ලැජ්ජයි ලැජ්ජයි එතකොට මේ රජවාසල කට්ටියගේ සියලු වියදම් දරන්නට වෙලා තියෙන්නෙත් අමාරුවෙන් ඉන්න ජනතාවට නේද? ජනතා හඬට සවන්දීම සුදුසුයි නේද?

:       1       19

Prabha Monday, 11 April 2022 05:42 PM

ගිය සතියේ කිව්වා පාර්ලිමේන්තු ආපන ශලාව මේ මන්ත්‍රී පවුල්වල අයටත් විවෘතයි කියලා...

:       0       17

ගයාන් Monday, 11 April 2022 06:16 PM

මෙතන කියන්නේ සාමාන්‍ය පහළ මට්ටමේ සේවකයින් ගැන... ඒ වුණාට ඕකේ ඉහළ නිලධාරීන් තීරුබදු රහිත වාහන බලපත්‍රයත් අරගෙන ඒ.සී. කරපු බස් වෑන් රථයක නිවස ආසන්නයටම ප්‍රවාහන පහසුකම් ලබාගන්නවා...

:       0       14

ලක්සිරි පැරිස් Monday, 11 April 2022 07:44 PM

ඇති තරමට පුන්නක්කු තණකොල කොහොම හරි දෙන්න

:       0       0

මුදියන්සේ... Monday, 11 April 2022 08:08 PM

පාර්ලිමේන්තුව තුළදී ආහාරපාන සඳහා ආහාර ද්‍රව්‍ය වල, වෙළෙඳ පොල මිල ගණන් අනුව මැති ඇමැතිවරුන්ගෙන් අය කිරීම විය යුතුයි... ජනතාවට එම බර දරාගත නොහැකි බව මොවුන් තේරුම් ගත යුතු නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 374 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 936 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site