IMG-LOGO

පාර්ලිමේන්තුවේ කතා කාලය නොදෙනවාට ඩලස්ලා විරෝධය

(ඩයනා උදයංගනී)

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු නිදහස ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමේ අවස්ථාවක් නොදෙන බව පවසමින් ඊට විරෝධය පා එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ රජය දියත් කර තිබෙන මර්දනය රට තුළ පමණක් නොව පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළත් කරගෙන යන බවයි.

රජය මන්ත්‍රීවරුන් 13 දෙනෙකුට සභා ගර්භය තුළ කතා කිරීමේ අයිතියවත් අද ලබා දී නැතැයි කී මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අතර මූලික අයිතියක් වන භාෂණයේ අයිතිය මෙලෙස අමු අමුවේ උල්ලංඝනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානය අන්තර් පාර්ලිමේන්තු සංවිධානය හා සාර්ක් කලාපීය සංවිධානය දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වන බව ද ජී.එල් පීරිස් මහතා කීවේය.

ජාතික සභාව පිහිටුවමු හැමෝම එකතුවී වැඩ කරමු කියන අතර මන්ත්‍රීවරු 13 දෙනකුට කතා කිරීමේ අයිතියත් අහිමි කර ඇතැයි හෙතෙම පැවසීය.

නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහ්ප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, මහාචාර්ය ගුණපාල රත්නසේකර, නීතීඥ උදයන කිරිදිගොඩ, වෛද්‍ය තිලක් රාජපක්‍ෂ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (8)

පාර්ලිමේන්තුවේ කතා කාලය නොදෙනවාට ඩලස්ලා විරෝධය

කිරි පුතා Wednesday, 21 September 2022 03:14 PM

පොල් ගහන්න අනේ...!

:       4       6

Pradeep Wednesday, 21 September 2022 03:34 PM

විහිළු කරන්න එපා...

:       2       7

sena Wednesday, 21 September 2022 03:36 PM

ඔය කතාකරන මිනිස්සු එක වැඩකට ඇති දෙයක් කතා කරනවද?

:       1       7

මැක්ස් Wednesday, 21 September 2022 03:44 PM

පුළුවන් එකම දේ වන කතා කිරීම කරන්නවත් එයාලට අවස්ථාව දිය යුතුයි.

:       5       3

Sam Wednesday, 21 September 2022 03:58 PM

දන්නා තරමට දේශපාලනය කරගෙන හිටිය මේ මනුස්සයාව ජනාධිපති පුටුවක් පෙන්නලා අමාරුවේ දැම්මා කියලයි මට හිතෙන්නේ...

:       2       7

anura Wednesday, 21 September 2022 04:15 PM

නරකද උම්බෑවෙක් ළඟට ගිහිල්ලා අවශ්‍ය කාලයට කයියක් දාගෙන හිටියා නම්...? එතකොට අසරණ ජනතාවගේ සල්ලි ඉතුරු වෙනවා...!

:       2       6

විපරමා Wednesday, 21 September 2022 04:30 PM

එකිනෙකාට මඩ ගහගන්නවා මිසක් හරිහමන් දේවල්ද කතා කරන්නේ..?

:       0       0

Kumara Wednesday, 21 September 2022 11:07 PM

යන්න පුළුවන්නම් පාරට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 511 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 690 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 280 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site