IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප්‍රියමාලිගේ ව්‍යාපාරික සගයකු අල්ලයි

(ඉන්දිකා රාමානයාක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)

විවිධ ධනවතුන් සහ දේශපාලකයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බවට කියන  තිළිණි ප්‍රියමාලි නමැත්තිය ගේ පෙම්වතා බව කියන ව්‍යාපාරික හවුල්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තේය.

සැකකාරිය සමග එක්ව පුද්ගලයන්ගේ මුදල් වංචා කිරීම සහ මෙම මුදල් වංචාවට ආධාර අනුබල ලබා දීම , සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

විදේශ රටවලින් මෙරටට ඉන්ධන ගෙන්වා වැඩි ලාභයක් ලබා දෙන බවට පවසා සැකකාරිය හා සැකකරු තමන් ගෙන් ඕස්ට්‍රෙිලියා ඩොලර් 60,000 ක්, ඇමැරිකානු ඩොලර් ලක්ෂයක්, හා කිලෝ එකකට වැඩි රන් බඩු ප්‍රමාණයක් ලබාගෙන මුදල් වංචා කළ බවට පවසා එම කෝටිපති ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිලි කර තිබු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම වංචා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව  මෙම සැකකරු පැමිණි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙවන් පැය 9 අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පස්වරු 6.30 ට පමණ ඔහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කටයුතු කර මොහු පසුව තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති අතර, ඇගේ පෙම්වතා වශයෙන් කාලයක් කටයුතු කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම වංචාව සම්බන්ධයෙන් තිළිණි ප්‍රියාමාලි නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  තිළිණි ප්‍රියමාලි නැමැත්තිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත.

 



අදහස් (2)

ප්‍රියමාලිගේ ව්‍යාපාරික සගයකු අල්ලයි

Hemantha kumara Monday, 17 October 2022 08:09 PM

මට දුක ප්‍රියමාලිගේ පෙම්වතා නොවීම නිසයි.

:       2       14

chandima Tuesday, 18 October 2022 09:29 AM

ඒ බිස්නස් එකට සල්ලි දාපු ඔක්කොම ව්‍යාපාරික සගයෝ තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site