IMG-LOGO

ප්‍රායෝගික දේශපාලන වෙනසකට ගියේ නැතිනම් බිහිසුණු තත්ත්ව ඇතිවේවි

ජනාධිපතිවරයා පසුගිය මැයි මස ජාතිය අමතමින් ලබාදුන් ප්‍රතිඥාාව ක්‍රියාත්මක කිරීම යථාර්ථයක් බවට පත්නොවන තත්වයක් පෙනී යන බවත් 22 වැනි සංශෝධනය ඉදිරිපත් කරමින් ආණ්ඩුව අපේක්‍ෂා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අතර පැහැදිළි දුරස්ථභාවයක් පවතින බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතාගේ නිවේදනය මෙසේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන්වරට ජාතිය අමතමින් රටට ඉතාමත්ම වැදගත් වූ ප්‍රතිඥාවක් ලබාදී තවමත් දෙපෝයක් හෝ ගතවී නැත. ඉතාමත්ම මෑත කාලයකදී ඔහු රට හමුවේ ලබාදුන් එකී පොරෙන්දු යථාර්තයක් බවට පත්නොකරන බව අද වනවිට පවතින ක්‍රියාකාරීක්වයන් අනුව පැහැදිලි වෙමින් පවති.

22 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරමින් ආණ්ඩුව අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා මේ රටේ සිවිල් සමාජ බලවේගයන් සහ දේශපාලන පක්ෂ ඉල්ලා සිටින සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ අතර පවතින පැහැදිලි දුරස්ථභාවය මගින් ඒ බව ඉතා පැහැදිලිය. 
 
ඒ අනුව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යපාරය ප්‍රථමයෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ 2022 මැයි මස 11 වනදින ජාතිය අමතමින් රටට ලබාදුන් ප්‍රතිඥාව නොපමාව යථාර්තයක් කරන ලෙසටය. එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ආණ්ඩුව ප්‍රදර්ශනය කරමින් සිටින අරමුණ හා රටේ පොදු අපේක්ෂාවන් අතර දක්නට ඇති පරතරය සැලකීමේදී අපට ඒ පිළිබදව සාධාරණ විශ්වාසයක් තබාගත නොහැකි බවද  ඔහු වෙත වගකීමකින් යුක්තව දැනුම් දෙන්ෙනමු.

එබැවින් මේ රටේ අනාගත සුබසෙත උදෙසා පෙනී සිටින වගකීමක් ඇති සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍යයෙන්ම කළයුතුව ඇති දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා වන අපගේ අපේක්‍ෂාවන් හා ඒ තුළ ගතයුතුව ඇති ක්‍රියාමාර්ග අත්හැර දැමීමට අප කිසිසෙත්ම සූදානම් නොමැති බව අවධාරණය කරන අතරම අප මේ මොහොතේ රටේ සියලුම දේශපාලන පක්ෂ හා නායකයන්ගෙන් හා සිවිල් සමාජ ව්‍යාපාරයන්ගෙන් ඉල්ලා සිටින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව පැවැති මූලික අන්තර්ගතය යළි බලාත්මක කරගැනීම සදහා ඒකාබද්ධව පෙනී සිටින ලෙසය.  

ඊට අමතරව රටතුළ උද්ගතව ඇති දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුදය නොපමාව පිළියම් යෙදීමේ අතිශය බරපතල වගකීම කෙරෙහිද අප බලවත් ලෙස අවධානය යොමුකරන්ගනමු. ඒ සදහා කඩිනම් ප්‍රායෝගික දේශපාලන වෙනසකට මේ රට යොමු නොකළ හොත් ඇතිවිය හැකි බිහිසුණු හා ඛේදනීය තත්වයන් පිළිබදව ද රටේ සියලුම දේශපාලන බලවේගයන් වෙත අනතුරු අඟවන්නෙමු.

රජය හා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා ඒවාගේ නායකත්වයන් එහිදී තම වගකීම නිවැරදිව හදුනාගනිමින් එය නොපමාව ඉටුකිරීමට යම් හෙයකින් හෝ අපොහොසත් වුවහොත් රටතුළ දැන් පවතින අවාසනාවන්ත තත්වයට වඩා බිහිසුණු හා ඛේදනීය තත්වයකට ඇදවැටිය හැකි අතර එවැනි තත්වයකට රට යොමුකලහොත් එහි වගකීම ඒ සියල්ලන් වෙතම පැවරෙන බවද අවධාරණය කරන්ගනමු. 

ඒ අනුව මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා මහජන නියෝජිතයන් වෙත අප අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ ජනතාව මුහුණදෙන ආර්ථික අර්බුදයට මේ මොහොතේ ගතයුතුව ඇති මූලික විසදුම් ලබාදිම සදහාත් රටේ අනාගත යහපැවැත්ම සහතික කරනු උදෙසාත් දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවන්හි විශ්වාසය දිනාගතහැකි වන ආකාරයට වහාම සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙසටය.

එහිදී අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා මේ වනවිට අවස්ථා දෙකකදීම ඉදිරිපත් කරඇති යෝජනාවන්ට අපගේ පූර්ණ අනුකූලතාවය දක්වන අතරම ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා සිවිල් සමාජ සංවිධාන ද ඇතුලු විද්වත් වෘත්තික සංවිධාන ගනණාවක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඒ සඳහා පදනම් කරගන්නා ලෙසද ඉල්ලා සිටින්නෙමු.

අප ද ඉතාමත් දැඩිලෙස විශ්වාස කරන ආකාරයට එකී සර්ව පාක්‍ෂික ආණ්ඩුගේ වගකීම් කාල පරාසය උපරිම ලෙස වසරකට හෝ වසර එකහාමාරක් වැනි කෙටි කාල පර්ච්ජේදයකට සීමා වියයුතුව තිබේ. ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය හා ආධාර පදනම් කරගනිමින් රට මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලබාගැනීම එහි මුඛ්‍ය අරමුණ විය යුතුව ඇති අතර රටේ යහපැවැත්ම උදෙසා සම්පූර්ණ කළයුතුව ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා මූලික පියවර ගැනීම එහි ද්විතීය අරමුණ විය යුතුය.

එවැනි නිශ්චිත හා සීමා සහිත වගකීමක් පමණක් එකී සර්ව පාක්‍ෂික ආණ්ඩුව වෙත පවරා දිය යුතු අතර එහි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ වසරක් හෝ වසර එකහමාරක් වැනි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පවත්වා රටට ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීම සඳහා අවස්ථාව සලසා දීමය. ඊට පෙර රටට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් උදෙසා පාර්ලිමේන්තුගේ නිසි අනුමැතිය ලබාගනිමින් මහ මැතිවරණයට සමගාමීව අවශ්‍යවන්ගන් නම් ජනමත විචාරණයක් කැඳවීම ද එකී සර්ව පාක්‍ෂික ආණ්ඩුව වෙත පැවරිය යුතුව ඇති වගකීම වන්නේය. 

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය උදෙසා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ව්‍යාපාරය නියෝජනය කරන පිරිසකින් ද සමන්විත නියෝජිත පිරිසක් නම් කරගනිමින් නොපමාවම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර පැහැදිලි එකඟත්වයකට පැමිණිය යුතුව ඇති අතර එකී එකඟත්වය දින 10 හෝ ඊට පෙර ඇතිකරගත යුතුව තිබේ. 

මේ පිළිබඳව කඩිනමින් හා බලවත් උනන්දුවකින් යුතුව මැදිහත් වෙමින් රටට ඉදිරියේදී අත්විය හැකි අතිබිහිසුණු ව්‍යසනයෙන් රටත් ජනතාවත් මුදාගැනීම උදෙසා කටයුතු කරන ලෙස අප මේ රටේ සියලුම දේපාලන පක්ෂවලින් ඉල්ලා සිටින අතර ඒ සඳහා අවශ්‍ය මඟගපන්වීම හා ආශිර්වාදය ලබාදෙමින් පෙරට එන ලෙස අතිපූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ද, කතෝලික, ක්‍රිස්තියානි මෙන්ම හින්දු හා ඉස්ලාම් සියලුම ආගමික නායකත්වයෙන් ද සිවිල් හා දේශපාලන වයාපාරයන්ගෙන් ද බැගෑපත්ව ඉල්ලා සිටින්නෙමු.

(යොහාන් භාසුර)



අදහස් (2)

ප්‍රායෝගික දේශපාලන වෙනසකට ගියේ නැතිනම් බිහිසුණු තත්ත්ව ඇතිවේවි

de silva Tuesday, 05 July 2022 03:53 PM

පලමුව ජනපති, දෙවනුව රජපක්ශ පවුල, තෙවනුව උන්ගෙ දේපල සහ කොමිස්, හතරවෙනියට පොහොට්ටුවො සහ ගොලයන් ආරක්ශා කරගෙන 5 වෙනි තැනට රට දාමු.

:       0       1

Bamunuarachchi Wednesday, 06 July 2022 08:29 PM

කව්ද මේ ලෝකේ කොහේවත් නැති සාධාරණ සමාජය ඉල්ලන්නේ? සාධාරණ සමාජයක් තිබෙන රටකින් පැට්‍රල් ලීටරයක් ගෙන එන්න... එතකොට ඔය කියන වෙනස කරන්න පුළුවන්... අලි මදිවට හරක්. දැන් සාධාරණ සමාජ කාරයොත් රිංගලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site