IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පිරමිඩයට අසු වූ ගුරුතුමාට ජිවිතය එපා වේ

(දිලීප් ජයසේකර සහ ඉන්දිකා රාමනායක)

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු පාසල් ක්‍රීඩා කාමරය තුළ එල්ලී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ, වළස්මුල්ල පල්ලෙකන්ද උතුර කණුමුල්දෙණිය විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ ශ්‍රීනාත් දර්ශන (38) නමැති දෙදරු පියකු බව වළස්මුල්ල පොලීසිය පවසයි.

මෙම ගුරුවරයා ඉකුත් 1 වැනිදා සිට අතුරුදන්ව සිට ඇති අතර, විදුහල්පතිවරයා ඔහු පිළිබඳව සොයා බැලීමේදී ඔහුගේ සිරුර ක්‍රීඩා කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබියදී එදිනම සොයාගෙන ඇති අතර, විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් වළස්මුල්ල පොලීසියට කළ දැනුම්දීමකට අනුව පොලීසිය ගොස් මළ සිරුර ඉවතට ගෙන ඇත.

 මෙම ගුරුවරයා මිය යාමට පෙර ඔහු සිය දිවි නසාගන්නා බවට රතු පෑනකින් ලියූ ලිපියක් ද හමු වූ බව පොලීසිය කියයි.

මෙම ගුරුවරයා ආකර්ෂණීය පොලියක් වෙනුවෙන් නීති විරෝධී පිරමීඩ ජාවාරමක විශාල මුදලක් ආයෝජනය කර ඇති අතර, එම මුදල නොලැබීම නිසා ඇති වූ සිත්තැවුලක් මත මෙලෙස සිය දිවි නසාගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

තමන් පිරමීඩ ව්‍යාපාරයක විශාල මුදලක් ආයෝජනය කළ බවත්, එහි ප්‍රතිලාභ නොලැබුණහොත් සිය දිවි නසා ගැනීමට සිදුවන බවට මිතුරකුට පවසා ඇති බවත්, ඔහු මිය යාමට මාසයකට පමණ ඉහත දී මිතුරකුට පවසා ඇති බව ද වාර්තා වේ.

ඔහු පිරමීඩ ජාවාරමක මුදල් අයෝජනය කළ බවට ඔහුගේ බිරිඳ හෝ ඥාතීන් දැන සිට නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් වළස්මුල්ල පොලීසිය පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙම නීති විරෝධී පිරමීඩ ජාවාරමට සම්බන්ධ වී ඇති බවත්, එම පිරිස අතර පොලිස් නිලධාරීන් ද වන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

මුදල් ආයෝජනය කළ බොහෝ පිරිසකට මුදල් අහිමි වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි රැසක් ලැබී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත වළස්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (12)

පිරමිඩයට අසු වූ ගුරුතුමාට ජිවිතය එපා වේ

Nimal Monday, 03 July 2023 09:19 PM

ඉතාම කනගාටු දායකයි තමයි .නමුත් අපේ රටේ උදවිය තවමත් මෙවැනි මහ පරිමාන වංචා වලට හසු වෙනවා .මහ බැංකුව නොබෝ දා තහනම් කළා මේ එක් හොර ව්‍යාපාරයක් තවමත් බරට වැඩ .ජනතාවනි මේවට අහුවෙන්න එපා.

:       0       0

pakeer Monday, 03 July 2023 09:42 PM

මිනිස්සු නිකන් ඉඳන් සල්ලි හොයන්න හරිම කැමතී.මේකත් ඒ වගේ දෙයක් .ආණ්ඩුව වගේමයි .මහ මෝඩ තක තීරු මිනිස්සු .කොච්චර කිවුවත් ,කොච්චර උගත් උනත් ,මිනිස්සු මහ මෝඩයි

:       0       0

කුමාර Monday, 03 July 2023 11:51 PM

MTFE කියල එකකුත් දැන් හම්බන්තොට දිස්ත්‍රික්ක ය ගිලගෙන යනවා. මහ බැංකුවත් නිදි ඒවට

:       0       0

Lalla Tuesday, 04 July 2023 06:59 AM

මිනිස්සුන්ට ජීවත්වෙන්න මෙච්චර මුදල් ඕන ඇයි... තම හැකියාවට වඩා වියදම...

:       0       0

අරැණ කේ. Tuesday, 04 July 2023 07:00 AM

ඔය හම්බන්තොට, තිස්සමහාරාම පැතිවල අය ගොඩක්ම සල්ලි දැම්මේ onnmax කියන එකේ. ඒ කාලේ කට්ටිය හිතාගෙන හිටියේ ක්‍රිප්ටෝ කියන්නේ ඒක තමයි කියලා.. ඒ කාලේ කට්ටිය ඕක ප්‍රමෝට් කලේ කාර් පෙන්න පෙන්නා.. දැන් මීනි පෙන්නා පෙන්නා තමයි ඉන්න වෙන්නේ. මියගිය පුද්ගලයාට නිවන් සුව .. !!!

:       1       5

සුරංග Tuesday, 04 July 2023 07:38 AM

කිව්වදේ නාහන එකාලට ඔහොම වෙනවා තමයි ඒක අතීතයේ සිටම ප්‍රචලිත කියමනක්නේ ශ්‍ර්‍රිලංකා මහබැංකුව කොතෙක් කිව්වත් රජයේ සේවකයින් විශේෂයෙන් විවේක කාලය වැඩියෙන් තියෙන ක්‍රීඩා ගුරුවරු වගේ පිරිස් මුදලට තියෙන තන්හාව නිසා ඕවට ඇබ්බැහි වෙලා කියලා කියන්න පුළුවන් ඔවුන්ට ඒකට කාලයත් අනෙක් රජයේ සේවකයින්ට වඩා තියෙනවා ඇත්තටම වෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි පිරිසක් ගුරුවරු හැටියට සේවයේ යෙදවීම ගැනත් ගුරුවරුන්ට මේවැනි ක්‍රියාවන් තහනම් කිරීම වෙනුවෙනුත් නොපමාව උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත්කලොත් හොදයි

:       1       2

චින්තක Tuesday, 04 July 2023 02:32 PM

මේක සූදුවක් හැටියට නම්කර රජයේ සේවකයින් හා නිළධාරින් සදහා ඒවාට සහභාගිවීම විනය විරෝධී ක්‍රියාවක් හැටියට නම් කරන්න ඕන එසේම රජයේ නිළධාරින් හා සේවකයින් කරන බරපතල වරදක් ලෙසට ආයතන සංග්‍රහයේ වැරදි උපලේඛනයේ ඇතුළත් කරන්න ඕන එහෙම කරල මූලික විමර්ශනය මගින් නොහැකි නම් විධිමත් විනය පරීක්ෂණයක් මගින් සේවයෙන් පහකිරීමට විධිවිධාන යොදන්න ඕන අනාගතයේ යමෙකුට පත්වීමක් දෙනවා නම් තිබෙන පත්වීම් ලිපි ආකෘතිවලටත් ඒවා ඇතුළත් කරන්න ඕන මොකද සමහරක් එවුන් ආයතන සංග්‍රහය නීතියක් නොවෙයි කියන නිසා .

:       0       0

Perera Tuesday, 04 July 2023 08:30 AM

මේ වගේ සාමාන්‍ය බුද්ධියක්වත් නැති අයද ලංකාවේ දරුවන්ට දැන් උගන්වන්නේ

:       0       4

prasanna Tuesday, 04 July 2023 03:37 PM

වැඩි තන්හාව විනාශයට මුලයි .උදාහරණ තමයි අපේ රටේ දේශපාලකයන්

:       0       0

abey Tuesday, 04 July 2023 03:58 PM

කට්ටියගෙ මොල හෝදලා තියෙන්නේ ඔය පිරමිඩ් කාරායෝ . ඉතින් අහිංසකයෝ රැවෙටෙනවා..

:       0       0

Anjana Gunathilaka Tuesday, 04 July 2023 08:41 PM

Onmax විතරක් නෙමේ Ride to Three Freedom එකේ හොර කණ්ඩායම කරන්නෙත් ක්‍රිප්ටෝ කරන්සි මුවාවෙන් මිනිසුන්ගේ සල්ලි මංකොල්ල කාලා දැන් ගෙවීම් පහර හරිමින් ඉන්න එක .මේ පිලිබඳ නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද

:       0       0

අසංක චතුරංග කුමාර Wednesday, 05 July 2023 07:48 AM

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් විශාල වශයෙන් මයින්ට බලපෑම් කර පිරිමීඩ ජාවාරමට සම්බන්ධ කර ගැනීමේ කටයුතු ප්‍රසිද්ධියේම සිදුකරයි. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site