IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාරිභෝගික අධිකාරියේ විමර්ෂණ නිලධාරීහූ සඳුදා විරෝධය දක්වති

(යොහාන් භාසුර)

නාරම්මල, බිහාල්පොල ප්‍රදේශයේ බිත්තර සඟවා ඇතැයි කියන ස්ථානයක් පරීක්ෂාවට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම අධිකාරියේ සියලුම විමර්ෂණ නිලධාරීන් එළඹෙන සඳුදා (8 වැනිදා) සියලුම ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්ව විරෝධතාව දක්වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සමස්ත ලංකා විමර්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා අද (5) පැවසීය.

මෙවැනි ප්‍රහාර හේතුවෙන් වැටලීම් නතර කිරීමට කිසිඳු අදහසක් නොමැති බව කී කෝසල රංගනාත් මහතා විමර්ෂණ නිලධාරීන්ට ආරක්‍ෂාව සැපයීමට පොලිසිය සහය දක්වනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ෂණ නිලධාරීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ජනාධිපවරයා මැදිහත් වියයුතු බවත් බිත්තර මාෆියාවට එරෙහිව අඛණ්ඩව කටයුතු කරන බවත් රංගනාත් මහතා වැඩි දුරටත් කීය.

නාරම්මලදී එම ප්‍රහාරයට ලක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ෂණ නිලධාරීහු  රෝහල්ගතව ප්‍රතිකාර ලබති. 



අදහස් (5)

පාරිභෝගික අධිකාරියේ විමර්ෂණ නිලධාරීහූ සඳුදා විරෝධය දක්වති

විමලසිරි Friday, 05 May 2023 06:02 PM

අපුරු කතාවක් තමයි කියන්නෙ ඇත්තටම මොවුන් ජනාධිපති මෙතරම් අවතක්සේරුවට ලක්කර තිබීමෙන් මොවුන්ගේ නූගත් බව මනාවට ඔප්පු වෙනවා.එයින් ජනාධිපති අවතක්සේරුවට ලක්කිරීමට අමතරව සියලු අමාත්‍යවරුත් හෑල්ලුවට ලක්වෙනවා.

:       1       1

Lalla Saturday, 06 May 2023 10:46 AM

ආරංචිය අනුව ජරාව ඉල්ලා නොදුන්න නිසා වැටලීමට ගිය බව... ඇත්ත කතාව සොයාගෙන කතාකලයුතු කරුණක්....

:       1       0

සුරංගොඩ Saturday, 06 May 2023 02:48 PM

කතාව ඇත්ත කියලා කියන්න පුළුවන්... දැන් වගේ ගමනාගමන පහසුකම් නොතිබූ කාලයේ මිල පාලන දෙපාර්තමේන්තු (වර්තමානයේ පාරිභෝගික අධිකාරිය) නිලධාරින් හිටියේ තමන්ගේ ගමෙන් බොහෝදුර නවාතැන්වල තමයි. ඉතින් ඔවුන් සතිපතා ගමට යනවා නම් සිකුරාදා සවස කඩවල් කීපයක් වැටලීමට යාම අනිවාර්යයෙන් කරනවා. එතකොට ගමන් වියදම් හා ගෙදරට අවශ්‍යතා පහසුවෙන් ලැබෙනවා. දැන් එහෙම තිබේද කියලා නම් හරියටම දන්නේ නැහැ...

:       0       0

Sunil Saturday, 06 May 2023 01:00 PM

මේ පාරිභෝගික අධිකාරියෙන් කෙරෙන සේවයක් තියෙනවද? බොරුවට මාධ්‍ය සංදර්ශන දැමීම පමණයි කරන්නේ. තවමත් බිත්ත්ර විකිණෙන්නේ රුපියල් 55ට හැටට.

:       0       1

සමන්ත Saturday, 06 May 2023 05:14 PM

ඊයේ ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති කොත්තු හා ප්‍රයිඩ් රයිස් වලට සන වියදම් ක්‍රියාවෙන්ම පෙන්නුවා... සාමාන්‍යයෙන් දෙදෙනෙකුට ප්‍රමාණවත් ප්‍රයිඩ් රයිස් එකක් සඳහා වියදම් වන්නේ රුපියල් 360/= කිව්වා. ඔහු කියන්නේ බිත්තර දෙකක් දැමූ ප්‍රයිඩ් රයිස් රුපියල් 500/= කට හා එළවළු ප්‍රයිඩ් රයිස් එකක් 400/=කට දෙන්න පුළුවන් කියලා.. එයට වැඩියෙන් අයකිරීම අසාධාරණයක් කියලා තමයි ඔහු කිව්වේ.. තවත් ඔහු කියනවා බිත්තර අල්ලන අධිකාරියේ නිලධාරින් මේවා ගැන බලන්නේ නැහැ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site