
(අංජුල මහික වීරරත්න)
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “රට වටා මාධ්‍යවේදීයෝ සංවිධානය” විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ
සංවිධානය කර තිබූ "ගෞරවාර්ථ හරසර" වැඩසටහනට එක්වෙමිනි.
ප්‍රදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු සහ යෝජනා ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.
රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යාමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් රටේ ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැතිවරණ කල් දැමීමට තමාට කිසිදිනක අවශ්‍ය නොවු බවත් රටේ ඉදිරි ගමන තීරණය කිරීමේ වගකීම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාවට පවරන බවත් සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රාදේශීය මාධ්‍යවේදී ගැටලු හොයන්න මාධ්‍ය කොමිසමක්
Rata Perata Wednesday, 07 August 2024 11:50 AM
දේශපාලන අල්ලස තමයි මේ මිනිහා දන්නා එකම දේශපාලනය .අනික් එක මේවට යන අපතයොත් ඉන්නවානේ
සෙනෙවිරත්න Wednesday, 07 August 2024 07:50 PM
කොමිෂන් තරගෙට කොමිෂන් ,සජිත් හැම එකටම කොමිෂන් දාන්න පොරොන්දු වෙවී රට වටා යනව, මෙයත් කොමිෂන් ,නැත්නම් කොමිටි. මට අහන්න තියෙන්නෙ ප්‍රාදේශීය මාධ්‍යවේදින්ට තියෙන ඔය කියන ගැටලු මොනවද කියල, රටේ සේරම ප්‍රශ්න විසඳල ඉවරවෙලාද මේ විකාර දොඩවන්නෙ.