IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රතිව්‍යුහගත කරන රාජ්‍ය සමාගම් වෙනුවෙන් මව් සමාගමක්

(ඩයනා උදයංගනී)

ප්‍රතිව්‍යුහගත කෙරෙන රාජ්‍ය ව්‍යවසායයන්හි කොටස් සියයට 100ක් මහා භාණ්ඩාගාරයට අයිති වන පරිදි මව් සමාගමක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන වඩා කාර්යක්‍ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා එම ව්‍යවසායයන්හි කොටස් සියයට 100ක් මහා භාණ්ඩාගාර ලේකම්වරයාට අයිති වන පරිදි මහා භාණ්ඩාගාරය යටතේ මෙම සමාගම පිහිටුවීම නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (3) පැවසීය.

ප්‍රතිව්‍යුහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් එකී මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (4)

ප්‍රතිව්‍යුහගත කරන රාජ්‍ය සමාගම් වෙනුවෙන් මව් සමාගමක්

සුරංගොඩ Tuesday, 03 January 2023 01:04 PM

රාජ්‍ය සමාගමේ කොටස්වලින් සියයට සියයක් මහා භාණ්ඩාගාරයට අයත් වෙනවා කියන්නෙ රජයටම අයිතියි කියලනේ එතකොට සිදුවන සියලු පාඩුවීම් හා නාස්තිය වැඩිවෙනවා ජනතා මුදලින් පාඩුව පියවන්න වෙනවා රජය බිස්නස් කිරීම සුදුසු නැහැ එහෙම කරනවා නම් වාර්ෂිකව ගෙවන බෝනස් තහනම් කරන්න ඕන රජයේ නිළධාරින් ලබන වැටුපට වැඩි හා ආසන්න ඉහළම වැටුපක් දෙන්න (දෙගුණයක් හෝ තුන්ගුණයක් ප්‍රමාණවත් ) ඉහළම ලාභයක් ඇත්නම් පමණක් එහෙම වසරකට මාසයක වැටුප නොඉක්මවූ දීමනාවක් ගෙවීම වරදක් නැහැ එහෙම නැතුව අයිතිවාසිකම් ලෙසට බෝනස් නතර කරන්නම ඕන (රජයේ සමහර දෙපාර්තමේන්තු වසරකට මාස හයක හෝ නවයක වැටුපට සමාන දීමනා ගත්තත් තමන්ගෙ යුතුකම් හරියට කරන්නෙ නැහැ )

:       0       6

LalithM Tuesday, 03 January 2023 03:18 PM

රජයට කොටස් වෙළෙඳපොළේ කොටස් විකිණීමට හැකිද? එය හොඳම විකල්පය වනු ඇත.

:       0       0

ravin Tuesday, 03 January 2023 03:55 PM

මන් පිස්සෙක් .100% රාජ්‍ය ආයතන නම් ආයෝජකයෝ එයිද?හොරුන්ට හොරාකන්න ඉඩදීලා තමා මුදල් ආයෝජනය කරන්න කැමතිවෙන්නේ යතා ලෙසින් මුදල් උපයා කළු සල්ලි නීතිගත කරන්න හදන උදවිය පමණයි

:       0       0

චන්දන Tuesday, 03 January 2023 04:49 PM

පළමුවෙන්ම 100% භාණ්ඩාගාරය ට. පස්සේ තමා ටික ටික ප්‍රතිශතය අඩු වෙන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site