(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කෙරෙන්නේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා සියලු දෙනාගේ අදහස් විමසා සංශෝධනය කිරීමෙන් පසුව බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
මෙම පනත හදිසියේම ඉදිරිපත් නොකරන බවද ඔහු සඳහන් කළේය.
රාජපක්ෂ මහතා මෙසේ පැවැසුවේ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.
මෙය ජනතා මර්දනයට ඉදිරිපත් කරන පනතක් කියලා සමහරු කියනවා. මේක අපි සද්භාවයෙන් ගෙනාපු පනතක්.
ජනතාවට පීඩනයක් ඇති කරන පනතක් නොවේ. එවැනි පනතක් ඉදිරිපත් කරන්නේ නෑ. නීති හදන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා මත. මේ පනත අධ්‍යනය කරන්න බොහෝ පාර්ශ්වයන් කල් ඉල්ලුවා. ඕනෑම අයකුට මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා. අපි කාලයක් දෙන්න සූදානම්. පුළුල් සාකච්ඡා වට කීපයක් පවත්වා සියලු දෙනාගේ අදහස් විමසා සංශෝධනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රතිත්‍රස්ත පනත කඩිමුඩියේ නෑ
Athula Friday, 28 April 2023 07:21 PM
අරන් ඇවිත් බලන්නකෝ.. මොකද වෙන්නේ කියලා...
දියවන්නාවේ කිබුලා Saturday, 29 April 2023 02:38 PM
මහජනතාව අතරට නොයන මහජන නියෝජිතයෝ... සාදු සාදු... අපගේ බදු සල්ලිවලින් ඔබත් ඔබගේ සනුහරෙත් යෙහෙන් වැජඹේවා..!