IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිත්‍රස්ත පනතට ආණ්ඩුවත් බෙදේ

(අජන්ත කුමාර අගලකඩ)

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්තිවලට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම විරෝධය පළකිරීම ඊට හේතු වී ඇතැයි දැනගන්නට ඇත .

විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතාද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට එකඟ විය නොහැකි බව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය .

මේ අතර ,යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් තමා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද් කුමාර් මහතා ද උතුරේදී ප්‍රකාශ කළේය.

මෙම තත්වය හමුවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි පැවසේ.

මේ අතර, මෙම පනත් කෙටුම්පත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ පහරක් බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ද මීට සති කිහිපයකට පෙර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ.

පනත් කෙටුම්පතින් ත්‍රස්තවාදය යන්න නිර්වචනය කිරීම සහ රඳවා තබා ගැනීමේ විධිවිධාන නිකුත් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ,ප්‍රතිත්‍රස්ත පනත ගෙනඒමට රජය තීරණය කළ අතර එය ඉකුත් 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මහා සංඝරත්නයෙන් මෙන්ම ,පොදුවේ සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දින නියමයක් නොමැතිව කල් ගිය අතර,සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර, යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ ද තීරණය කර ඇත.

 



අදහස් (3)

ප්‍රතිත්‍රස්ත පනතට ආණ්ඩුවත් බෙදේ

sujeewar Saturday, 06 May 2023 07:39 PM

මේ රට අස්ථාවර කරන්න ආයිත් මොනවා හරි විනාශයක් වෙනකම් පිල් බෙදි බෙදි ඉමු. අපේ රටේ විකාරී බහු ආගමික හා බහුවාර්ගික අදහසයි, රටේ පිහිටි ස්ථානයයි, අපේ රටට කෙලහලන විජාතික බලවේගයි එක්ක මේ රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය ආරක්ෂා කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් පනත් තිබිය යුතුමයි. ආගම් හෝ වේවා, ජනමාධ්‍ය හෝ වේවා, වෘත්තීය සමිති හෝ වේවා, දේශපාලනය හෝ වේවා කිසිවකුත් පරමාදර්හී හෝ සාධාරණ හෝ නැත. සියල්ලෝම තම මතය නිවැරදි සේ දකිනා අන්තවාදයකට කොටුවූවන් පමණි. බෞද්ධයාගේ පූජනීයම ස්ථානවලට පහරදී තිබියදීත් බෞද්ධයා කතමැට නොදොඩා නිහඬව විඳ දරාගෙන සිටියි. ඔවුන් මෙම දැඩි නීතිරීතිවලට කැමැති විය යුතුමයි. ඒත් සමහරුන් ඒ සියළු විනාශ හමුවේ වුවද ත්‍රස්තවාදීන් පෝෂණය කළා පමණක් නොව අදටද ත්‍රස්තවාදයට එරෙහි වීමට ද එරෙහි වේ. සාමාන්‍ය සාධාරණ බහුතර මිනිසාගේ දෛනික ජීවිතයට හානිවන ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදයකි. එය ආයුධවලින් පමණක් නොව පාර අවහිර කරමින් කෑ ගසමින්ද, පෑන හසුරවමින්ද, සමාජ රූප මාධ්‍යයෙන්ද සිදුකළ හැකියි. ඒවායේ දිගුකාලීන ප්‍රතිඵල හා අරමුණ ත්‍රස්තවාදයමයි. ඒවා වැළැක්විය යුතුමයි. අයිතිවාසිකම් උගන්වන සෑම රටකම දැඩි නීතිරීති පවතියි...

:       0       0

C.K.Lankaputhra Saturday, 06 May 2023 07:40 PM

ප්‍රතිත්‍රස්ත පනත ගෙනෙන එක කෙසේවෙතත් ඒකට පක්ශව කටඅරින හැම කොයි ගොබිලට වුණත් වැස්ස වලාහක දෙවියන් කරන්න ඕනෑ දෙය අකුරටම කරාවි. ඒකෙ දෙකක් නෑ...

:       0       0

Lalla Saturday, 06 May 2023 09:51 PM

තිබෙන ආණ්ඩුව හැමදාම ඉන්නවා කියලා හිතල ඉදිරිපත් කරන පනත්.. තකතීරුකමට බෙහෙත් නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site