(විමල් කීරිති)
සීදූව විජය කුමාරතුංග රෝහලේ පවතින ප්‍රතිජීවක ඖෂධ හිඟය නිසා බාහිර රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීම නවත්වන ලෙස රෝහල් අධ්‍යක්ෂ ඩී.සී.ඒ. රණවීර මහතා රෝහලේ වෛද්‍යවරන් සහ හෙද කාර්ය මණ්ඩලය ලිඛිතව උපදෙස් දී ඇත.
ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ට, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්ට, වෛද්‍ය නිලධාරීන්ට, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ට හෙද සොයුරියන්ට සහ සායන බාර අංශ ප්‍රධාන හෙද නිලධාරන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව උපදෙස් දී ඇත.
ඒ අනුව මැයි පළමුවැනි දා සිට ක්‍රියාත්මක වන පිරිදි බාහිර රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ නිකුත් නොකරන බවත් ප්‍රතිජිවක අවශ්‍ය රෝගීන්ට එම ඖෂධ බාහිර ඖෂධහල්වලින් මිලදී ගැනීම සඳහා අදාල බෙහෙත් වට්ටෝරුව නිකුත් කරන ලෙස උපදෙස් දී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රතිජීවක නැතිව සීදුව රෝහල ලෙඩ වේ