IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති

(අංජුල මහික වීරරත්න)

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

විද්‍යාත්මකව ඒ සදහා අවශ්‍යකරන නව නීති ගෙනඒම,  නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම‍ට  විධිමත් සැළැස්මක් සකස් කරන බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ “ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය පිළිබඳව දැනුවත් වීමේ සතිය” (Wold Antimicrobial Resistance Awareness Week)” වෙනුවෙන් පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ පාගමනට එක්වෙමිනි.

“අපි සැවොම එක්වෙමු - ප්‍රතිජීවක ඖෂධ රැකගනිමු” යන්න තේමා කර ගනිමින් අද (27) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා මෙම පාගමන සංවිධානය කර තිබුනි.

පාලනයකින් තොරව ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතයෙන්, ප්‍රතිවිරෝධය ඇති වී එම ඖෂධ වල නාශක ගුණය හීන වී, රෝග වසංගත තත්ත්වයන් වලට උත්සන්න වී මනුෂ්‍ය වර්ගයා ඇතුළු ජෛව ගෝලය විනාශයට පත්විය හැකි බවට  මේ වනවිට සෞඛ්‍ය අංශ අනතුරු හගවයි. මෙම තත්ත්වය පිළීබදව ජනතාව දැනුවත් කිරීම මෙම පාගමනේ මුලික අරමුණක් විය. ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ ප්‍රමුඛතාවයකි.



අදහස් (1)

ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති

pj Sunday, 29 December 2024 02:26 AM

තුනෙන් දෙකක් තිබියදීත් මේ වන විට ක්‍රියාත්මක වී තිබිය යුතු දේ... තවම නීති හදලාත් නෑ... කිව්වේ නම් කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site